ENGLISH
  • English
  • Tamil
  • Sinhala

අපගේ ප්‍රවේශය

NTT ආයතනය හුදෙක් ප්‍රදාන ලබාදෙන ආයතනයක් පමණක් නොවීමට අපි කැපවී සිටින්නෙමු. සාම්ප්‍රදායික ප්‍රදාන ලබාදීමේ ක්‍රමවේදයන් හරහා බොහෝ විට බාහිර පරිත්‍යාගශීලීන් විසින් ප්‍රජාවන් මත විසඳුම් පටවන ධූරාවලි බල ව්‍යුහයන් (Hierarchical power dynamics) තහවුරු වන බව අපි හඳුනාගෙන සිටින්නෙමු. ඊට වෙනස්ව, අපගේ ප්‍රවේශය දේශීය නායකත්වය, සහභාගීත්ව ක්‍රියාවලීන් සහ මානව හිමිකම් මූලධර්ම මත පදනම් වී ඇත. මෙහිදී අපි ප්‍රජා මූලික මුලපිරීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන අතර, විවිධ ගැටලුවලින් පීඩාවට පත් වූවන් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ පෙරමුණේම සිටින බව සහතික කරන්නෙමු.

අපගේ කාර්යභාරය දොරටු පාලකයින් ලෙස නොව, හවුල්කරුවන් ලෙස අපි සලකන්නෙමු. එහිදී සන්දර්භයට ගැළපෙන සහ තිරසාර විසඳුම් සහයෝගීතාවයෙන් යුතුව නිර්මාණය කිරීම සඳහා අපි ප්‍රජාවන් සමඟ එක්ව කටයුතු කරන්නෙමු. මෙම සහයෝගීතා ආකෘතිය මගින් සාම්ප්‍රදායික පරිත්‍යාගශීලීප්‍රතිලාභී සබඳතාවයට අභියෝග කරන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ හවුල් වගවීම වර්ධනය කරනු ලබයි. මෙම ප්‍රවේශය වැළඳ ගැනීමෙන් ප්‍රජාවන් සවිබල ගැන්වීමටත්, ඔවුන්ගේ ගෞරවය රැක ගැනීමටත්, වඩාත් සාධාරණ සහ යුක්තිසහගත සමාජයක් උදෙසා දායක වීමටත් අපි අදහස් කරන්නෙමු.

අපගේ පා සටහන්

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ පුරා විහිදී ඇති මෙම සිතියම, දේශීය ප්‍රදානකරුවෙකු (Local grantmaker) ලෙස NTT ආයතනයේ ක්‍රියාකාරීත්වය මනාව නිරූපණය කරයි. එමෙන්ම බිම් මට්ටමේ (Grassroots) ක්‍රියාකාරීන් සහ ප්‍රජා මූලික සංවිධාන සමඟ අප පවත්වාගෙන යන හවුල්කාරිත්වයන් මෙහිදී කැපී පෙනේ. සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීම සඳහා වූ අපගේ කැපවීම මෙන්ම, ප්‍රතිචාරාත්මක සහ සන්දර්භයට ගැළපෙන ප්‍රදාන ලබාදීමේ ක්‍රමවේදයන් (Context-driven grantmaking) හරහා සිවිල් සමාජ පද්ධතිය ශක්තිමත් කිරීමේ අපගේ ප්‍රයත්නය මෙයින් ඉස්මතු කරනු ලබයි.

58 පාර්ශවකරුවන්

ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

95 පාර්ශවකරුවන්

ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය | සහජීවනය | කථනයන් / ආඛ්‍යානයන් | දැනුම | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

44 පාර්ශවකරුවන්

ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | සහජීවනය | කථනයන් / ආඛ්‍යානයන් | දැනුම

43 පාර්ශවකරුවන්

හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

48 පාර්ශවකරුවන්

හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

33 පාර්ශවකරුවන්

හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

40 පාර්ශවකරුවන්

ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

37පාර්ශවකරුවන්

හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය

48 පාර්ශවකරුවන්

ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය | හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | සහජීවනය | කථනයන් / ආඛ්‍යානයන් | දැනුම

ශ්‍රී ලංකාව පුරා අපගේ සහයෝගී සංවිධාන

පිහිටා ඇති ස්ථාන සිතියමෙන් ගවේෂණය කරන්න.

හවුල්කාරිත්වයන් සහ සන්ධානගතවීම්

ගෝලීය ලාභ නොලබන සංවිධාන එකමුතුව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF)

ගෝලීය ලාභ නොලබන සංවිධාන (NPO) එකමුතුව පිළිබඳ FATF යනු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි (AML/CFT) ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ලාභ නොලබන සංවිධාන ජාලයකි. මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) රෙගුලාසි මගින් සිවිල් සමාජයට සිදුවිය හැකි අහිතකර බලපෑම්වලින් ඔවුන්ව ආරක්ෂා කිරීමටත්, විශේෂයෙන්ම පුණ්‍ය කටයුතුවලට එරෙහිවනිර්දේශ අංක 8′ (Recommendation 8) අවභාවිත කිරීම වැළැක්වීමටත් මෙම සන්ධානය කටයුතු කරයි. ‘FATF NPO සන්ධානයහෝ ‘NPO සන්ධානයලෙසද හැඳින්වෙන මෙම එකමුතුව, බොහෝ විට FATF ආයතනය සමඟ සෘජුව සම්බන්ධ වී කටයුතු කරයි.

දිළිඳුකම සහ සමාජ තත්ත්වය සාපරාධීකරණය කිරීමට එරෙහි ගෝලීය ව්‍යාපාරය

දිළිඳුකම සහ සමාජ තත්ත්වය සාපරාධීකරණය කිරීමට එරෙහි ගෝලීය ව්‍යාපාරය යනු කිසිදු සැබෑ වරදක් සිදු නොකළ , යම් පුද්ගලයෙකුගේ සමාජආර්ථික තත්ත්වය, අනන්‍යතාවය හෝ ක්‍රියාකාරීත්වය (Activism) මත පදනම්ව ඔවුන්ව වැරදිකරුවන් කරනු ලබන නීති සහ බලාත්මක කිරීමේ ක්‍රමවේදයන් අහෝසි කිරීම සඳහා කැප වූ ජාත්‍යන්තර සන්ධානයකි. මෙම ව්‍යාපාරය මගින් දිළිඳු ජනයා, කාන්තාවන්, නිවාස නොමැති පුද්ගලයින්, සංක්‍රමණිකයන්, ලිංගික ශ්‍රමිකයන් සහ LGBTQIA+ ප්‍රජාව ඇතුළු කොන්කරන ලද කණ්ඩායම්වලට අසමාන ලෙස බලපාන අයාලේ යෑම, රස්තියාදු වීම, සිඟමන් යැවීම, රාජද්‍රෝහීත්වය සහ මහජන සාමය කඩකිරීම වැනි යල්පැනගිය යටත් විජිත සමයේ නීති මෙන්ම නූතන නීති ඉලක්ක කර ගනී. උසාවි ක්‍රියාමාර්ග, උපදේශනය, නීතිමය මගපෙන්වීම, කලාපීය සම්මුතීන් සහ උපායමාර්ගික සම්පත් සැපයීම හරහා යටත් විජිත උරුමයන් මත පදනම් වූ නීති ප්‍රතිසංස්කරණය කිරීමටත්, ගෝලීය වශයෙන් කොන්කරන ලද ප්‍රජාවන්ට සහය වීමටත් මෙම ව්‍යාපාරය අරමුණු කරයි.

වින්ග්ස් ජාලය

WINGS යනු පරිත්‍යාගශීලීත්වයට (Philanthropy) සහය වන සහ එය සංවර්ධනය කරන සංවිධානවලින් සැදුම්ලත් ලොව එකම ගෝලීය ජාලයයි. එය රටවල් 60ක් පුරා විසිරී සිටින, සමාජ ප්‍රගතිය සඳහා උත්ප්‍රේරකයක් ලෙස පරිත්‍යාගශීලීත්වය එහි උපරිම විභවය කරා ළඟා කරවීමට කැප වූ චින්තන නායකයින් සහ වෙනසක් උදෙසා ක්‍රියා කරන්නන් 230කට අධික සංඛ්‍යාවකගේ එකමුතුවකි. පවතින උදාසීනත්වය නිමා කිරීමටත්, හුදෙකලා ක්‍රියාකාරීත්වයන් (Silos) බිඳ දැමීමටත්, සම්ප්‍රදායික මතවාදයන්ට අභියෝග කිරීමටත් පරිත්‍යාගශීලීත්වයට සමෘද්ධිමත් විය හැකි හිතකර වටපිටාවක් නිර්මාණය කිරීමටත් WINGS කැපවී සිටී. එහි අරමුණ වන්නේ සහයෝගීතාවය දිරිමත් කිරීම සහ සැඟවුණු විභවයන් අවදි කිරීමයි. එමෙන්ම වඩාත් සාධාරණ, යුක්තිසහගත සහ තිරසාර ලෝකයක් ගොඩනැගීම සඳහා සෑම තැනකම සිටින පරිත්‍යාගශීලී ක්‍රියාකාරීන් ඒකරාශී කිරීමයි. NTT ආයතනය WINGS ‘ආසියා ශාන්තිකර සමූහයේ‘ (Asia Pacific Co-Group) ප්‍රමුඛ සාමාජිකයෙකු වේ.

මානව හිමිකම් ආධාරකරුවන්ගේ ජාලය

මානව හිමිකම් ආධාරකරුවන්ගේ ජාලය (HRFN) යනු රටවල් 70කට අධික සංඛ්‍යාවක ප්‍රදානලාභී ආයතන 450කට වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් ගෝලීය ප්‍රජාවකි. ඔවුන් සහයෝගීතාවයෙන් යුත් සහ සමාජ ව්‍යාපාර කේන්ද්‍ර කරගත් පරිත්‍යාගශීලීත්වය (Philanthropy) හරහා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කරති. 1994 දී ආරම්භ කරන ලද HRFN ජාලය, දැනුම බෙදාහදා ගැනීමටත්, බලාත්මක බලය සහ සම්පත් බිම් මට්ටමේ ව්‍යාපාර වෙත යොමු කිරීමටත්, යුක්තිය කේන්ද්‍ර කරගත් ප්‍රදාන ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් විවිධ පදනම්, පරිත්‍යාගශීලී ජාල සහ ආයතන එකිනෙක සම්බන්ධ කරයි. වගවීම, විනිවිදභාවය, වාර්ගික යුක්තිය සහ සාමූහික රැකවරණය යන වටිනාකම් මත පදනම්ව, HRFN ආයතනය අරමුදල් සැපයීමේ ප්‍රවණතා පිළිබඳ පර්යේෂණ, ප්‍රායෝගික ප්‍රදාන ලබාදීමේ මූලධර්ම, සමකාලීන ඉගෙනුම් අවකාශයන් සහ ගෝලීය සම්මුතීන් හරහා විවෘත පරිත්‍යාගශීලීත්වය ප්‍රවර්ධනය කරයි. කොන්කරන ලද හඬවල් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සහ සහයෝගීතාවය වර්ධනය කිරීමෙන්, HRFN ජාලය මානව හිමිකම් සඳහා අරමුදල් සැපයීමේ පද්ධතිය වඩාත් ඇතුළත්, සාධාරණ සහ ප්‍රතිචාරාත්මක එකක් බවට ප්‍රතිනිර්මාණය කරමින් සිටී.

බලය විමධ්‍යගත කරමු / දැන් එය කළ හැකිය ව්‍යාපාරය

#ShiftThePower ව්‍යාපාරය යනු ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන (Top-down) පරිත්‍යාගශීලීත්වය සහ ජාත්‍යන්තර සංවර්ධන ආකෘතීන් සඳහා අභියෝග කරන ගෝලීය ව්‍යාපාරයක් වන අතර, එම බලය දේශීය ප්‍රජාවන් සහ ක්‍රියාකාරීන් වෙත මාරු විය යුතු බව එය අවධාරණය කරයි. එය නිලධාරිවාදයෙන් බර වූ සාම්ප්‍රදායික ආධාර ආකෘතීන් වෙනුවට විශ්වාසය, දේශීය සම්පත් සහ සාමූහික ක්‍රියාකාරීත්වය මත පදනම් වූ සාධාරණ හවුල්කාරිත්වයන් ඇති කිරීමටත්, එමගින් තිරසාර සහ ප්‍රජා මූලික වෙනසක් ළඟා කර ගැනීමටත් උත්සාහ කරයි. සාම්ප්‍රදායික ආධාර ක්‍රමවේදය තිරසාර නොවන බවත්, බොහෝ විට එය අකාර්යක්ෂම බවත් පෙන්වා දෙන මෙම ව්‍යාපාරය, දේශීය දැනුම සහ මානව ගෞරවය සුරැකෙන විසඳුම් කරා යොමු වීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි. ප්‍රජාවක සංවර්ධනය තීරණය කිරීමට වඩාත්ම සුදුසු වන්නේ එම ප්‍රජාවම බව පෙන්වා දෙන මෙම ව්‍යාපාරය, පරිත්‍යාගශීලීන් විසින් තම පාලන මානසිකත්වයෙන් මිදී හවුල්කාරිත්වයේ මානසිකත්වයකට මාරු විය යුතු බව අවධාරණය කරයි.

සාමය සඳහා වූ පදනම්වල ජාලය

සාමය සඳහා වූ පදනම්වල ජාලය (FFPN) යනු ගැටුම්වලින් පීඩාවට පත් සමාජයන්හි ක්‍රියාත්මක වන, දේශීයව මුල් බැසගත් සාමය ගොඩනැගීමේ පදනම්වල සන්ධානයකි. නිව්යෝර්ක් නුවරදී ආරම්භ කළ දා සිට, එය අන්යෝන්ය සහයෝගීතාවය, දැනුම බෙදාහදා ගැනීම සහ දේශීයව මෙහෙයවනු ලබන සාම ක්‍රියාවලීන් වෙනුවෙන් පෙනී සිටින වේදිකාවක් ලෙස වර්ධනය වී ඇත. තිරසාර සහ සැබෑ සාමය ගොඩනැගීමේ උත්ප්‍රේරකයන් ලෙස වින්දිතයන් සවිබල ගැන්වීමටත්, කාන්තාවන් සහ තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීමටත්, ප්‍රජා මූලික පරිත්‍යාගශීලීත්වය ශක්තිමත් කිරීමටත් මෙම ජාලය ප්‍රමුඛතාවය ලබා දෙයි. NTT ආයතනය FFPN ජාලයේ ආරම්භක සාමාජිකයෙකි.

ENGLISH
  • ENGLISH
  • TAMIL
  • SINHALA

95 Partners

Economic Justice | Gender justice | Access to legal remedies | Emerging issues | Solidarity | Health equity | Disability rights | Care | Co-existence | Narratives | Knowledge | Citizenship | Public institutions and accountability

44 Partners

Economic Justice | Gender justice | Access to legal remedies | Emerging issues | Solidarity | Co-existence | Narratives | Knowledge

58 Partners

Economic Justice | Gender justice | Access to legal remedies | Emerging issues | Solidarity | Health equity | Disability rights | Care | Citizenship | Public institutions and accountability

43 Partners

Emerging issues | Solidarity | Economic Justice | Gender justice | Access to legal remedies | Citizenship | Public institutions and accountability

48 Partners

Emerging issues | Solidarity | Economic Justice | Gender justice | Access to legal remedies | Health equity | Disability rights | Care | Citizenship | Public institutions and accountability

37 Partners

Emerging issues | Solidarity | Economic Justice | Gender justice | Access to legal remedies | Health equity | Disability rights | Care

40 Partners

Economic Justice | Gender justice | Access to legal remedies | Emerging issues | Solidarity | Health equity | Disability rights | Care | Citizenship | Public institutions and accountability

33 Partners

Emerging issues | Solidarity | Economic Justice | Gender justice | Access to legal remedies | Citizenship | Public institutions and accountability

48 Partners

Economic Justice | Gender justice | Access to legal remedies | Health equity | Disability rights | Care | Emerging issues | Solidarity | Co-existence | Narratives | Knowledge