📢 NEW! – Regulation and Oversight of Civil Society: How is it Connected to the Financial Action Task Force (FATF)?
FATF is the global body that sets standards for policies to combat money laundering and terrorist financing (AML/CFT). Failing to comply with FATF standards can have negative consequences for a country, such as being grey listed, which will adversely impact its economy.
The government of Sri Lanka is using FATF to impose blanket and arbitrary restrictive regulatory measures on NGOs that restrict their access to banking services and funds. This not only disrupts their legitimate operations but also harms the vulnerable communities they serve. The proposed law reforms will place disproportionate administrative burdens on banks and other financial institutions as well.
As Sri Lanka is undergoing an assessment (called a mutual evaluation) by FATF this year, we are raising awareness on this process and how to advocate for AML/CFT policies that adhere to FATF standards.
This explainer tells you:
✅What is FATF is and why it matters?
✅Whether GoSL’s AML/CFT policies contravene FATF.
✅How FATF Recommendation 8 protects civil society
✅The costs of misusing FATF
✅Proposed amendments to AML/CFT laws that do not adhere to human rights standards and place disproportionate administrative burdens on banks and other financial institutions
✅What you can do to counter this
Click here : Explainer! – Regulation and oversight of civil society-How is it connected to the financial action task force
2025 සැප්තැම්බර් 1-2
පසුගිය වසරේදී NTT ආයතනය විසින් තම සාර්ව ආර්ථික ශිෂ්‍යත්ව වැඩසටහන (Macroeconomic Fellowship) හරහා මතු වූ පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා දින දෙකක අන්තර්ජාල සාකච්ඡාවක් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ සමාජ–ආර්ථික අයිතිවාසිකම් අතර පවතින සබඳතාවය පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයින්, පර්යේෂකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම සම්මුතිය යටතේ එක්රැස් විය.
සැසිවාර කිහිපයක් පුරා විහිදුණු මෙම වැඩසටහනේදී, පර්යේෂණ ශිෂ්‍යත්වලාභීන් (Fellows) විසින් තමන්ගේ පර්යේෂණ ඉදිරිපත් කරන ලද අතර, ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් සහ ප්‍රවීණයන් විසින් ඒ පිළිබඳව සිය අදහස් හා විග්‍රහයන් ඉදිරිපත් කරන ලදී. මෙහිදී කලාපීය වර්ධනයේ පවතින අසමානතා, පාලනය සහ වගවීමේ පවතින හිඩැස්, අපනයන අභිමුඛ අංශයන්හි කම්කරු අයිතිවාසිකම්, බදු ප්‍රතිසංස්කරණවල ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය බලපෑම සහ වෙළඳ ප්‍රතිපත්ති මගින් අනියම් ජීවනෝපායන් (Informal livelihoods) කෙරෙහි ඇති කරන බලපෑම වැනි කරුණු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරිණි.
මෙම සම්මුතිය සැලසුම් කර තිබුණේ පර්යේෂණ ඉදිරිපත් කිරීමේ වේදිකාවක් ලෙස පමණක් නොව, සංවාදයට සහ විවේචනාත්මක මැදිහත්වීම් සඳහා වූ අවකාශයක් ලෙසය. සාර්ව ආර්ථික තීරණ මගින් ජනතාවගේ සැබෑ ජීවන අත්දැකීම් හැඩගස්වන ආකාරය පිළිබඳවත්, විශේෂයෙන්ම බහුවිධ සහ එකිනෙකට බැඳුණු අවදානම්වලට මුහුණ දෙන ප්‍රජාවන් කෙරෙහි එම තීරණ බලපාන ආකාරය පිළිබඳවත් නැවත සිතා බැලීමට සහ අදහස් දැක්වීමට මෙහිදී සහභාගිවන්නන්ට ආරාධනා කරන ලදී.
NTT ආයතනයේ පුළුල් මතවාද ගොඩනැගීමේ කාර්යභාරයේ කොටසක් ලෙස, මානව හිමිකම් රාමුවක් මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණවල පවතින අඩුව පියවීම සඳහා මෙම සාර්ව ආර්ථික ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී. නිවැරදි සහ ස්වාධීන පර්යේෂණ, ප්‍රජා යථාර්ථයන් සමඟ සම්බන්ධ කිරීමේ වැදගත්කම මෙම සම්මුතිය මගින් යළිත් තහවුරු කෙරුණු අතර, එමගින් ප්‍රතිපත්තිමය වාද විවාදයන් වඩාත් බලපෑමට ලක් වූවන්ගේ අත්දැකීම් සහ අවශ්‍යතාවලින් පෝෂණය වන බව සහතික කෙරිණි.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සම්පාදනය කරන ලද පර්යේෂණ පත්‍රිකාවල එකතුවක් ඉදිරි සති කිහිපය තුළදී එළිදැක්වීමට නියමිතය.
2025 ජනවාරි 24-25
දිළිඳුකම සහ සමාජ තත්ත්වය සාපරාධීකරණය කිරීමට එරෙහිව පැවැත්වුණු මෙම ප්‍රථම දකුණු ආසියානු සම්මුතිය සඳහා, තම ප්‍රජාවන් තුළ පවතින දිළිඳුකම, සමාජ තත්ත්වය සහ ක්‍රියාකාරීත්වය (Activism) සාපරාධී ලෙස සැලකීමට එරෙහිව ජාතික හා කලාපීය මට්ටමින් කටයුතු කරන සංවිධාන සහ ක්‍රියාකාරීන් එක්රැස් විය. දින දෙකක් පුරා පැවැත්වුණු මෙම සාකච්ඡාවලදී, සහභාගිවන්නන් අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය සහ සාපරාධීකරණය පිළිබඳ පවතින මතවාදයන් නව දෘෂ්ටිකෝණයකින් විග්‍රහ කළ අතර, තමන් මුහුණ දෙන පොදු අභියෝග තේරුම් ගනිමින් ඒවාට විසඳුම් සෙවීම සඳහා වූ උපාය මාර්ගද හුවමාරු කර ගත්හ.
මෙම සම්මුතිය NTT ආයතනය සහ ජාත්‍යන්තර නීති පදනම (ILF) එක්ව සංවිධානය කරන ලද අතර, එය 2025 ජනවාරි 24 සහ 25 යන දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. NTT සහ ILF යන ආයතන දෙකම ‘දිළිඳුකම සහ සමාජ තත්ත්වය සාපරාධීකරණය කිරීමට එරෙහි ගෝලීය ව්‍යාපාරයේ‘ (The Global Campaign to Decriminalise Poverty and Status) සාමාජිකයෝ වෙති. මෙය දිළිඳුකම, සමාජ තත්ත්වය හෝ ක්‍රියාකාරීත්වය පදනම් කරගනිමින් පුද්ගලයන් ඉලක්ක කරන නීති ඉවත් කිරීමටත්, ප්‍රතිපත්ති සහ භාවිතයන් ප්‍රතිසංස්කරණය කිරීමටත් පෙනී සිටින සංවිධානවල සන්ධානයකි.
පවතින නීති පද්ධතිය අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීමට අපොහොසත් වන ආකාරයත්, රජයන් විසින් තම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සීමා කිරීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය අවියක් ලෙස භාවිතා කරන ආකාරයත් මෙම සාකච්ඡාවේදී මතු වූ ප්‍රධාන තේමාවන් අතර විය. නීති පද්ධතිය පිළිබඳව විවේචනාත්මකව සොයා බලා එය වගවීමට බැඳ තැබීමට අපොහොසත් වීම හරහා, සිවිල් සමාජ සංවිධාන (CSOs) ඇතුළු සමස්ත සමාජයම මෙහිදී වක්‍රව මෙම ක්‍රියාවලියට හවුල් වී ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, සාර්ථක ප්‍රති–උපාය මාර්ග සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට හැකි වූ අතර, ජීවත් වීම සඳහා සිදුකරන අත්‍යවශ්‍ය චර්යාවන් (Survival behaviours) සාපරාධී ගණයෙන් ඉවත් කිරීමටත්, කලාපයේ කොන් කරන ලද සහ පීඩිත ප්‍රජාවන් ආරක්ෂා කිරීමටත් ඇති විභව සහයෝගීතා ක්ෂේත්‍ර හඳුනා ගැනීමට ද හැකි විය.
මෙම සාකච්ජාවේ සම්පූර්ණ වාර්තාව මෙතනින් ලබා ගන්න: Decriminalising Poverty and Status event report.pdf