English
  • English
  • Tamil
  • Sinhala
types of grants page banner of Neelan Tiruchelvam Trust

ප්‍රදාන වර්ග

නීලන් තිරුචෙල්වම් භාරය (NTT), ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ශක්තිමත් කිරීම උදෙසා උපායමාර්ගික, සහභාගිත්ව සහ නම්‍යශීලී අරමුදල් සැපයීම් සිදු කරයි. මෙම අරමුදල් සැපයීම හරහා අප දිගුකාලීන හවුල්කාරිත්වයන් සඳහා ආයෝජනය කරන අතර, ප්‍රජාවන් බලගැන්වීමට සහ සියළුදෙනා ඇතුළත්, ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාධාරණ සමාජයක් ගොඩනැගීමට සහය වෙමු.

අපගේ අරමුදල් සැපයීම් සහාය:

core grants supporting civil society organisations with flexible funding for sustainability and growth by Neelan Trust

මූලික මෙහෙයුම් අරමුදල්

project based grants supporting community led innovation and sustainable impact by Neelan Trust

ව්‍යාපෘති අරමුදල්

small grants supporting grassroots groups women and youth for urgent community needs

කුඩා ප්‍රදාන

ප්‍රදාන වර්ග

නීලන් තිරුචෙල්වම් භාරය (NTT), ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ශක්තිමත් කිරීම උදෙසා උපායමාර්ගික, සහභාගිත්ව සහ නම්‍යශීලී අරමුදල් සැපයීම් සිදු කරයි. මෙම අරමුදල් සැපයීම හරහා අප දිගුකාලීන හවුල්කාරිත්වයන් සඳහා ආයෝජනය කරන අතර, ප්‍රජාවන් බලගැන්වීමට සහ සියළුදෙනා ඇතුළත්, ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාධාරණ සමාජයක් ගොඩනැගීමට සහය වෙමු.

 

අපගේ අරමුදල් සැපයීම් සහාය:

මූලික මෙහෙයුම් අරමුදල්

project based grants supporting community led innovation and sustainable impact by Neelan Trust

ව්‍යාපෘති අරමුදල්

small grants supporting grassroots groups women and youth for urgent community needs

කුඩා ප්‍රදාන

මූලික මෙහෙයුම් අරමුදල්

ශක්තිමත් සිවිල් සමාජ සංවිධාන යනු ඔරොත්තු දීමේ හැකියාව සහිත සමාජයක අත්‍යවශ්‍ය පදනම බව අප පිළිගනිමු. අපගේ ‘මූලික මෙහෙයුම් ප්‍රදාන‘ (Core grants) හරහා, හවුල්කාර සංවිධානවලට පහත සඳහන් කාර්යයන් සඳහා අවශ්‍ය නම්‍යශීලී සහයෝගය අප ලබා දෙන්නෙමු:

  • පාලනය, නායකත්වය සහ අභ්‍යන්තර පද්ධතීන් ශක්තිමත් කිරීම;
  • කුසලතා සහිත කාර්ය මණ්ඩලය රඳවා ගැනී‌ම සඳහා වන සහායයන් සහ සංවිධානාත්මක ඉගෙනුම් ක්‍රියාවලීන් (Organisational learning) සඳහා ආයෝජනය කිරීම; සහ
  • ප්‍රදානකරුවන් විසින් තීරණය කරනු ලබන ව්‍යාපෘතිවලට (Project cycles) පමණක් සීමා නොවී, මතුවන අභියෝගයන්ට උපායමාර්ගිකව ප්‍රතිචාර දැක්වීම.

සාම්ප්‍රදායික මූල්‍ය මූලාශ්‍ර වෙත ප්‍රවේශ වීමට සීමිත අවස්ථාවන් පවතින ප්‍රජා මූලික සංවිධානවලට සහ අවදානමට ලක්විය හැකි හෝ කොන් කරන ලද කණ්ඩායම් නියෝජනය කරන සංවිධානවලට මෙම ‘මූලික මෙහෙයුම් අරමුදල්‘ විශේෂයෙන් වැදගත් වේ. ඔවුන්ගේ ආයතනික ශක්තිමත්භාවය සහ තිරසාරත්වය සඳහා ආයෝජනය කිරීමෙන්, සියලු දෙනාට සමාන අවස්ථාවන් නිර්මාණය කිරීමට (Level the playing field) අප සහය වෙමු. එමගින් ගැටලුවලට සෘජුවම මුහුණ දෙන පුද්ගලයන්ට එම ගැටලු විසඳීම සඳහා නායකත්වය දීමට අවශ්‍ය ධාරිතාව සහ සම්පත් ලැබීම අපි සහතික කරමු. සම්පත් වඩාත් හොඳින් භාවිතා කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට හවුල්කරුවන් කෙරෙහි විශ්වාසය තැබීම හරහා මෙම ප්‍රවේශය #ShiftingThePower (බලය කේන්ද්‍රගත කිරීමෙන් බැහැර වීම) සංකල්පය සමඟ සමපාත වන අතර, එය ප්‍රදානකරණයේ පවතින හොඳම භාවිතාවන් (Best practices) පිළිඹිබු කරයි. තවද, මෙය සිවිල් සමාජයේ තිරසාරත්වයට සහ ස්වාධීනත්වයට ද දායක වේ.

ව්‍යාපෘති අරමුදල්

නම්‍යශීලීභාවය ප්‍රධාන සාධකය වුවද, අපගේ හවුල්කරුවන්ට නව අදහස් අත්හදා බැලීමටත්, තේමාත්මක විශේෂඥභාවය (Thematic expertise) පුළුල් කිරීමටත්, තම ප්‍රජාවන් තුළ නව්‍ය විසඳුම් ක්‍රියාවට නැංවීමටත් ඉඩ සලසන ‘ව්‍යාපෘති පාදක ප්‍රදානයන්‘ (Project-based grants) සඳහා ද අප ආයෝජනය කරන්නෙමු. මෙම ව්‍යාපෘති අපගේ ප්‍රධාන තේමාත්මක ක්ෂේත්‍රයන් සමඟ සමපාත වේ. නීලන් තිරුචෙල්වම් භාරය (NTT), ප්‍රජා මූලික නායකත්වයෙන් යුත්, සහභාගිත්ව පදනමක් සහිත සහ දේශීය යථාර්ථයන් මත පදනම් වූ මුලපිරීම් සඳහා අරමුදල් සපයන අතර, එමගින් කෙටිකාලීන ප්‍රතිඵලවලින් ඔබ්බට ගිය කල්පවතින බලපෑමක් සහතික කරයි.

කුඩා ප්‍රදාන

කුඩා ප්‍රමාණයේ අරමුදල් සැපයීම් (Small grants) මගින් බිම් මට්ටමේ කණ්ඩායම්, කාන්තා සහ තරුණ එකමුතූන් වෙත හදිසි අවශ්‍යතා සහ අවස්ථාවන් සඳහා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වේගවත් හා නම්‍යශීලී සම්පත් සපයයි.

නීලන් තිරුචෙල්වම් භාරයේ (NTT) කුඩා ප්‍රදාන පහසුකම සැලසුම් කර ඇත්තේ ප්‍රජාවන්ට ඔවුන්ගේ හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ සලසමින්, වේගවත්, නම්‍යශීලී සහ ක්ෂණික ප්‍රතිචාරාත්මක මෙවලමක් ලෙසය. එමගින් සම්පත් සහ තීරණ ගැනීමේ බලය විමධ්‍යගත කරමින් මෙන්ම සමාජයේ කොන් වූ පාර්ශවයන්ගේ හඬ අවධාරණය කරමින්, #ShiftThePower (බලය පැවරීමේ) සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවයි. බොහෝ විට මෙම කුඩා ප්‍රදාන, අලුතින් බිහිවන කණ්ඩායම්වලට ඔවුන්ගේ විශ්වසනීයත්වය සහ ධාරිතාව ගොඩනගා ගැනීමටත්, පසුව විශාල හා තිරසාර අරමුදල් කරා ප්‍රවේශ වීමටත් දොරටුවක් ලෙස උපකාරී වේ.

NTT දෙමුහුන් ප්‍රදාන ප්‍රදානය කිරීමේ ආකෘතියක් අනුගමනය කරයි

මූලික මෙහෙයුම් (Core), ව්‍යාපෘති පාදක (Project) සහ කුඩා ප්‍රදාන (Small grants) යන සියල්ල ඒකාබද්ධ කිරීම හරහා, නීලන් තිරුචෙල්වම් භාරය (NTT) මිශ්‍ර ප්‍රදානකරණ ආකෘතියක් (Hybrid grantmaking model) අනුගමනය කරයි. එමගින් නම්‍යශීලීභාවය සහ විධිමත් ව්‍යුහය අතරත්, ක්ෂණික ප්‍රතිචාරාත්මකභාවය සහ දිගුකාලීන දැක්ම අතරත් මනා සමබරතාවයක් පවත්වා ගනු ලබයි.

  • මූලික මෙහෙයුම් අරමුදල් මගින් ආයතන ශක්තිමත් කිරීම කරනු ලබයි.
  • ව්‍යාපෘති අරමුදල් මගින් නවෝත්පාදන දිරිගන්වන අතර ඉලක්කගත වෙනස්කම් අපේක්ෂා කරයි.
  • කුඩා ප්‍රමාණයේ අරමුදල් සැපයීම මගින් ක්ෂණික ප්‍රතිචාරාත්මකභාවය, ඇතුළත් කරගැනීම (Inclusivity) සහ නියෝජනයක් නොමැති හඬවල් (Underrepresented voices) සඳහා ප්‍රවේශය සහතික කරයි.

සැබෑ පරිවර්තනයක් සිදු විය හැක්කේ ප්‍රදානකරුවන් නොව, අදාළ ප්‍රජාවන් විසින්ම තම ප්‍රමුඛතාවන් තීරණය කරන්නේ නම් සහ වෙනසක් ඇති කිරීමට වෙහෙසෙන පිරිසගේ සැබෑ ජීවන යථාර්ථයන්ට අනුකූලව අරමුදල් සම්පාදනය හැඩගැසෙන්නේ නම් පමණක් බව අපගේ මෙම බහුවිධ (Layered) ප්‍රවේශය මගින් පිළිඹිබු වේ.

ENGLISH
  • ENGLISH
  • TAMIL
  • SINHALA
ENGLISH
  • ENGLISH
  • TAMIL
  • SINHALA
ENGLISH
  • ENGLISH
  • TAMIL
  • SINHALA