අපි පුළුල් පරාසයක විහිදුණු සිවිල් සමාජ සංවිධාන සඳහා සහයෝගය ලබා දෙන්නෙමු. විශේෂයෙන්ම ප්‍රජා මූලික සංවිධාන, කාන්තා සහ තරුණ නායකත්වයෙන් යුත් කණ්ඩායම් මෙන්ම සමාජයේ කොන්වීමට ලක්වූ සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සමඟ කටයුතු කරන සංවිධාන කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වේ.
ශ්‍රී ලංකාව තුළ ලාභ නොලබන ආයතන ලෙස ලියාපදිංචි වී ඇති සංවිධාන සඳහා අරමුදල් පිරිනමනු ලැබේ. සාම්ප්‍රදායික ආධාර සපයන ආයතන වෙත ප්‍රවේශ වීමට සීමිත අවස්ථා ඇති, ප්‍රජාව තුළ ශක්තිමත් පිළිගැනීමක් සහ විශ්වාසයක් දිනා සිටින, නැගී එන කණ්ඩායම්වලින් ඉදිරිපත් වන ඉල්ලීම්වලට අප ප්‍රමුඛතාව ලබා දෙන්නෙමු.
Refer to Types of Grant for more information. – වැඩිදුර තොරතුරු සඳහා ‘ප්‍රදාන වර්ග‘ පිටුව බලන්න.
අපගේ ප්‍රදානයන් ලබා දීමේදී පහත සඳහන් තේමාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ:
මෙහි වැඩිදුර තොරතුරු සඳහා “අපගේ කාර්යභාරය” පිටුව බලන්න.
අපි සහභාගිත්ව සහ වටිනාකම් මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කරන්නෙමු. මෙහිදී ව්‍යාපෘති යෝජනා ඇගයීමට ලක් කරනුයේ ඒවායේ තාක්ෂණික දක්ෂතාවය මත පමණක් නොව, ප්‍රජාවන්ට ඇති අදාළත්වය, සියලු දෙනා ඇතුළත් කර ගැනීම සහ කොන්වීමට ලක්වූ පාර්ශ්වයන් වෙත බලය ලබා දීමට ඇති හැකියාව මතය. අපගේ ඇගයීම් රාමුව තුළ, ඔප දැමූ ‘අරමුදල් සපයන ආයතනවලට රුචි භාෂාව‘ (Polished donor language) වඩා, ප්‍රජාවගේ අවදානමට ලක්විය හැකි බව, අරමුදල් වෙත ඇති ප්‍රවේශය සහ NTT හි අගයන් සමඟ ඇති අනුකූලතාවය අවධාරණය කෙරේ.
නැත. කුඩා, බිම් මට්ටමේ සංවිධාන බොහෝ විට තම ප්‍රජාවන් සමඟ ඉතා ගැඹුරු සබඳතා පවත්වන බව අප විශ්වාස කරන්නෙමු. අපි විධිමත් පද්ධතිවලට වඩා, සැබෑ ජීවන අත්දැකීම් සහ ප්‍රජා පිළිගැනීම අගය කරමු. එසේම, අපි අරමුදල් සැපයීමට අමතරව එම සංවිධානවල ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ද සහයෝගය ලබා දෙන්නෙමු.
ප්‍රදානයන්හි ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු NTT ආයතනය විසින් ව්‍යාපෘති යෝජනා කැඳවීම් නිකුත් කරන අවස්ථාවේදී සඳහන් කරයි.
ප්‍රදානයන්හි ප්‍රමාණය සහ කාලසීමාව, අදාළ සංවිධානයේ අවශ්‍යතාවයන් සහ ඔවුන් සිදුකරන කාර්යයේ ස්වභාවය අනුව වෙනස් වන බව අපි වටහා ගනිමු. එබැවින්, එක් වරක් පමණක් ලබාදෙන කෙටිකාලීන ව්‍යාපෘති අරමුදල් වෙනුවට, හැකි සෑම විටම නම්‍යශීලී සහ දිගුකාලීන සහයෝගයක් ලබා දීමට NTT ආයතනය ප්‍රමුඛතාවය ලබා දෙයි.
ව්‍යාපෘති යෝජනා කැඳවීම් පිළිබඳව අපගේ වෙබ් අඩවිය හරහා දැනුම් දෙනු ලබන අතර, සිවිල් සමාජ ජාල (Civil society networks) හරහා ද ඒවා ප්‍රචලිත කරනු ලැබේ. අයදුම්කරුවන් විසින් NTT ආයතනය විසින් ලබා දී ඇති ආකෘති පත්‍ර භාවිතා කිරීම අනිවාර්ය වේ. අයදුම්පත් ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ යන ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැකිය.
වැඩිදුර තොරතුරු සඳහා “අයඳුම් කරනේ කෙසේද?” පිටුව බලන්න.
අපගේ ප්‍රදානයන් ලබා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිංචි වී ඇති සංවිධාන සඳහා පමණි.
අපි හුදෙක් ප්‍රදාන ලබා දෙන්නෙකුට වඩා ඉහල භූමිකාවක් කරන්නෙමු. අපි සංවිධාන ශක්තිමත් කිරීම සඳහා ආයෝජනය කරන්නෙමු; සංවාද සහ ඉගෙනීම සඳහා අවශ්‍ය අවකාශයන් සලසා දෙන්නෙමු; අපගේ සහකරුවන් පුළුල් ජාලයන් (Networks) සමඟ සම්බන්ධ කරන්නෙමු; සහ ඔවුන්ගේ හඬ ජාතික මෙන්ම ගෝලීය මට්ටමින් ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නෙමු.
අපි මිශ්‍ර ප්‍රදානකරණ ආකෘතියක් අනුගමනය කරන්නෙමු. මෙම ආකෘතිය මගින් සාම්ප්‍රදායික ආධාරක ආයතනවල පිළිවෙත් සහ විශ්වාසය මත පදනම් වූ ප්‍රදානකරණයේ ශක්තීන් එකිනෙක මුසු කරයි. අපි විනිවිදභාවය සහ වගවීම අගය කරන අතරම, දැඩි නීතිරීති අනුගමනය කිරීම මගින් බිම් මට්ටමේ ක්‍රියාකාරීන් පද්ධතියෙන් බැහැර විය හැකි බව ද අවබෝධ කරගෙන සිටින්නෙමු. එබැවින්, අපගේ මිශ්‍ර ආකෘතිය හරහා, සංවිධාන සතු දැනුම සහ සැබෑ ජීවන අත්දැකීම් කෙරෙහි විශ්වාසය තබන සරල හා නම්‍යශීලී ක්‍රියාවලීන් මෙන්ම, මූල්‍ය පාලනය සහ ප්‍රගති සමාලෝචනය වැනි සාම්ප්‍රදායික මෙවලම් ද සීමිතව භාවිතා කරනු ලැබේ. මෙම සමබරතාවය මගින්, කුඩා සහ කොන්වීමට ලක්වූ කණ්ඩායම්වලට සම්පත් ලබාගැනීමට ඇති අවස්ථාව සහතික කරන අතරම, NTT සහ එහි පාර්ශ්වකරුවන් අතර අන්‍යෝන්‍ය වගවීම සහ ඉගෙනීම ද පවත්වා ගනී. වාර්තාකරණ ක්‍රියාවලීන් සැලසුම් කර ඇත්තේ සරල, නම්‍යශීලී සහ ස්වයං-විමර්ශනාත්මක වන අයුරිනි. මෙහිදී අවධානය යොමු කෙරෙන්නේ දැඩි නීතිරීතිවලට අනුකූල වීමට වඩා, අත්දැකීම් ඇසුරින් ඉගෙනීමෙන් අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කිරීමටයි.
අපි තීරණ ගැනීමේ ක්‍රියාවලිය බිම් මට්ටම වෙත සමීප කරන්නෙමු; දේශීය දැනුමට ප්‍රමුඛතාවය ලබා දෙන්නෙමු; සහ සාමාන්‍ය අරමුදල් පද්ධතිවලින් බොහෝ විට බැහැර කරනු ලබන පිරිස් වෙත සම්පත් යොමු කරන්නෙමු. අපගේ භූමිකාව වන්නේ අපගේ පාර්ශ්වකරුවන් සමඟ එකට ගමන් කරමින්, වගකීම්, සම්පත් සහ අවදානම් බෙදා හදා ගැනීමයි.