ENGLISH
  • English
  • Tamil
  • Sinhala

ව්‍යාපෘති යෝජනා ඇගයීම් රාමුව

ව්‍යාපෘති යෝජනා පිළිබඳ අපගේ ඇගයීම සාම්ප්‍රදායික ප්‍රදානකරුවන්ගේ පිරික්සුම් ලේඛනවලින් (Checklists) ඔබ්බට යන්නකි. එහිදී අප විශේෂයෙන් අවධානය යොමු කරන්නේ, ප්‍රජාවන් විසින්ම ඔවුන්ගේ ප්‍රමුඛතාවන් තීරණය කරන්නේ කෙසේද යන්නත්, ක්‍රියාවලීන්හි පවතින ඇතුළත් කරගැනීමේ (Inclusivity) ස්වභාවයත්, සහ විශේෂයෙන්ම ප්‍රජා මූලික සංවිධාන හා කොන් කරන ලද කණ්ඩායම්වලට දිගුකාලීන වෙනසක් ඇති කිරීමට පවතින හැකියාවත් කෙරෙහි . මෙම ඇගයීම් රාමුව සැලසුම් කර ඇත්තේ දේශීය නියෝජනය සහ නායකත්වය (Local agency) ප්‍රබල කිරීමටත්, තීරණ ගැනීමේ බලය සාධාරණ ලෙස බෙදා හැරීමටත්, සහයෝගීතාවය මත පදනම් වූ හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමටත්ය.

ව්‍යාපෘති යෝජනා ඇගයීම් රාමුව

ව්‍යාපෘති යෝජනා පිළිබඳ අපගේ ඇගයීම සාම්ප්‍රදායික ප්‍රදානකරුවන්ගේ පිරික්සුම් ලේඛනවලින් (Checklists) ඔබ්බට යන්නකි. එහිදී අප විශේෂයෙන් අවධානය යොමු කරන්නේ, ප්‍රජාවන් විසින්ම ඔවුන්ගේ ප්‍රමුඛතාවන් තීරණය කරන්නේ කෙසේද යන්නත්, ක්‍රියාවලීන්හි පවතින ඇතුළත් කරගැනීමේ (Inclusivity) ස්වභාවයත්, සහ විශේෂයෙන්ම ප්‍රජා මූලික සංවිධාන හා කොන් කරන ලද කණ්ඩායම්වලට දිගුකාලීන වෙනසක් ඇති කිරීමට පවතින හැකියාවත් කෙරෙහි . මෙම ඇගයීම් රාමුව සැලසුම් කර ඇත්තේ දේශීය නියෝජනය සහ නායකත්වය (Local agency) ප්‍රබල කිරීමටත්, තීරණ ගැනීමේ බලය සාධාරණ ලෙස බෙදා හැරීමටත්, සහයෝගීතාවය මත පදනම් වූ හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමටත්ය.

ක්‍රියාකාරීත්වයේ අදාළත්වය සහ ආයතනික ධාරිතාව

අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ඉලක්ක කිරීම සහ ප්‍රජාවන්ට ඇති අදාළත්වය

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

අප වඩාත් ප්‍රමුඛතාවක් ලබා දෙන්නේ සමාජයේ කොන් වූ සහ බැහැර කර ඇති, එමෙන්ම ප්‍රධාන ප්‍රවාහයේ සංවර්ධන සංවාදවලදී (Mainstream development dialogue) බොහෝ විට හඬක් නොඇසෙන ප්‍රජාවන් වෙතය.

ඉහළ

ව්‍යාපෘති යෝජනාව අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සමඟ එක්ව සහයෝගීතාවයෙන් නිර්මාණය කරන ලද්දකි (Co-created); එය සැබෑ ජීවන යථාර්ථයන් පිළිඹිබු කරන අතර කාන්තාවන්, තරුණයින් සහ කොන් කරන ලද කණ්ඩායම්වල හඬ ප්‍රබල ලෙස ඉස්මතු කරයි.

මධ්‍යස්ථ

අවශ්‍යතා හඳුනාගැනීමේදී ප්‍රජාවන් සම්බන්ධ කරගනු ලැබුවද, සෙසු ක්‍රියාවලීන්වලදී ප්‍රජාදායකත්වය අවම වන අතර,  අර්ධ වශයෙන් ඉහළ සිට පහළට (Top-down) සිදුවන ස්වභාවයක් ගනී.

අඩු

 

ව්‍යාපෘති යෝජනාව බාහිර පාර්ශවයන් විසින් සැලසුම් කරන ලද්දකි; එහි ප්‍රජා සහභාගීත්වය ලබාගත් බවට හෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කර ඇති බවට පවතින්නේ සීමිත සාක්ෂි පමණි.

භූගෝලීය ව්‍යාප්තිය සහ ප්‍රවේශ වීමේ සාධාරණත්වය

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

අඩු පහසුකම් සහිත ප්‍රදේශවල සහ/හෝ සම්පත් හිඟ ප්‍රජාවන්හි ක්‍රියාත්මක වන සිවිල් සමාජ සංවිධාන (CSOs) ශක්තිමත් කිරීමට අපි අපේක්ෂා කරමු.

ඉහළ

අඩු පහසුකම් සහිත හෝ දුෂ්කර ප්‍රජාවන් තුළ ශක්තිමත් පදනමක් (Strong roots) තිබීම; සහයෝගය හෝ උපකාර කලාතුරකින් ලැබෙන ප්‍රදේශවලට ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අර්ථවත් සැලසුම් තිබීම.

මධ්‍යස්ථ

නාගරික සහ නාගරික නොවන (ග්‍රාමීය) යන අංශ දෙකෙහිම මිශ්‍රණයක් ලෙස සිදුකරන වැඩපිළිවෙළකි; කොන් වූ ප්‍රදේශ වෙත සැලකිය යුතු ප්‍රවේශයක් පවතී.

අඩු

ක්‍රියාකාරකම් බොහෝ දුරට සංකේන්ද්‍රණය වී ඇත්තේ දැනටමත් හොඳින් පහසුකම් ඇති ප්‍රදේශවලය; තවද පීඩිත කණ්ඩායම් ඇතුළත් කරගැනීම (Inclusion) සඳහා උපායමාර්ග යෝජනා කර නොමැත.

සංකල්පය සහ වෙනසක් උදෙසා වූ දැක්ම

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

බිම් මට්ටමෙන් පැනනගින, සන්දර්භය මත පදනම් වූ, සහ හුදෙක් ව්‍යාපෘති ප්‍රතිඵලවලින් (Outputs) ඔබ්බට ගොස් පද්ධතිමය පරිවර්තනයක් ඉලක්ක කරන අදහස් අපි අගය කරමු.

ඉහළ

ව්‍යාපෘති සංකල්පය ප්‍රජා ප්‍රමුඛතාවන් මත පදනම්ව ඇත. එය නවෝත්පාදනශීලී මෙන්ම අනුවර්තනය විය හැකි ස්වභාවයන් පෙන්නුම් කරයි. එමෙන්ම, එය දේශීය යථාර්ථයන් යුක්තිය, සාධාරණත්වය සහ සාමය උදෙසා වන පුළුල් අරගලයන් සමඟ සම්බන්ධ කරන අතර ප්‍රජා අයිතිය මගින් තිරසාර බව තහවුරු කරයි.

මධ්‍යස්ථ

ව්‍යාපෘති සංකල්පය අපගේ තේමාත්මක ක්ෂේත්‍රයන් සමඟ සමපාත වන නමුත්, ප්‍රජා සහභාගීත්වය හෝ නවෝත්පාදනය අතින් සීමිත මට්ටමක පවතී.

අඩු

ව්‍යාපෘති සංකල්පය අරමුදල් සපයන්නන්ගේ අවශ්‍යතාවයන් මත පදනම් වූවකි; එය තිරසාර නොවන අතර බිම් මට්ටමේ යථාර්ථයන් හා සමපාත නොවේ.

සංවිධානයේ අරමුදල් සඳහා ඇති ප්‍රවේශය සහ සම්පත් බෙදාහැරීමේ සාධාරණත්වය

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

ව්‍යුහාත්මක බාධාවන් හඳුනා ගනිමින්, ප්‍රධාන ධාරාවේ අරමුදල් සඳහා සීමිත ප්‍රවේශයක් ඇති සංවිධාන වෙත, විශේෂයෙන්ම බිම් මට්ටමේ සහ ප්‍රජා මූලික ක්‍රියාකාරීන් වෙත, සම්පත් යොමු කිරීමට අප උත්සුක වෙමු. 

ඉහළ

සංවිධානය අරමුදල් ලබාගැනීමේදී බාධාවන්ට මුහුණ දෙයි; එහෙත් එම ප්‍රජාව තුළ ශක්තිමත් ක්‍රියාකාරීත්වයක් සහ විශ්වාසයක් පෙන්නුම් කරයි. අරමුදල් සඳහා ප්‍රවේශය සැපයීම මගින් බල අසමතුලිතතාවන් (Power imbalances) නිවැරදි කිරීමට හැකිවනු ඇත.

මධ්‍යස්ථ

සංවිධානයට ප්‍රදානකරුවන් වෙත යම් ප්‍රවේශයක් පවතී, නමුත් තිරසාරත්වය පවත්වා ගැනීමට අපහසුතාවලින් පෙළේ; අපගේ අරමුදල් සැපයීම දැනට පවතින සහයෝගය තවදුරටත් තහවුරු කිරීමට උපකාරී වනු ඇත.

අඩු

සංවිධානයට දැනටමත් සැලකිය යුතු මට්ටමේ ප්‍රදානකරුවන්ගේ ප්‍රවේශයක් පවතී; අඩු පහසුකම් සහිත (Underserved) කණ්ඩායම් වෙත සම්පත් යොමු කිරීමේ අපගේ කාර්යභාරය සමඟ මෙය එතරම් සමපාත නොවේ.

ආයතනික ධාරිතාව සහ අනාගත වර්ධනය සඳහා ඇති ශක්‍යතාවය

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

ආයතනික ධාරිතාව යනු අන් අයව බැහැර කරන හෝ අවහිර කරන මෙවලමක් නොව, එය අප සැමගේ පොදු වගකීමකි; අපි සංවිධානවල වර්ධනය, අනුවර්තනය වීමේ හැකියාව සහ තිරසාරත්වය උදෙසා ආයෝජනය කරන්නෙමු.

ඉහළ

ආයතනික ව්‍යුහයන් තවමත් ගොඩනැගෙමින් පවතින අවධියක වුවද (Evolving), වගවීම, ඇතුළත් කරගැනීම සහ ඉගෙනීම කෙරෙහි සංවිධානය තුළ දැඩි කැපවීමක් පවතී; ඒ අනුව අපගේ සහයෝගය ඇතිව ශක්තිමත් වීමට පැහැදිලි විභවයක් පවතී.

මධ්‍යස්ථ

සංවිධානය සතුව යම්මට්ටමක ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන් පවතී, නමුත් තිරසාරත්වය සහ වගවීම තවදුරටත් තහවුරු කිරීම සඳහා සහයෝගය අවශ්‍ය වේ; නව දෑ ඉගෙන ගැනීමට සහ වර්ධනය වීමට ඇති කැමැත්ත පෙන්නුම්කරයි.

අඩු

සංවිධානය සතුව විධිමත් ප්‍රතිපත්ති හෝ ක්‍රමවේදයන් නොමැත, සැලකිය යුතු මට්ටමේ ධාරිතා හිඩැස් පවතී; තවද වෙනස්කම්වලට අනුගත වීමට හෝ ඉගෙනීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් කැමැත්තක් ප්‍රදර්ශනය නොකරයි.

NTT හි වටිනාකම් සහ 'බලය මාරු කිරීමේ' (Shift-the-Power) මූලධර්ම සමඟ ඇති අනුකූලතාවය

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

සාධාරණත්වය, ඇතුළත් කරගැනීම, මානව හිමිකම් සහ අවිහිංසාව යන වටිනාකම්වලට ගරුකරන, එමෙන්ම සාධාරණත්වය උදෙසා වූ පුළුල් ව්‍යාපාරයක කොටස්කරුවන් ලෙස තමන්ව හඳුනාගන්නා හවුල්කරුවන් අපි සොයන්නෙමු.

ඉහළ

ව්‍යාපෘති යෝජනාව ප්‍රජා සහභාගිත්වය තහවුරු කරන අතර, අයිතිවාසිකම් මත පදනම් වූ සහ සියළුදෙනා ඇතුලත් කර ගැනීමේ අගයන් පිළිබිඹු කරයි; එමෙන්ම සංවිධානයේ පටු පරමාර්තයන් ගෙන් ඔබ්බට ගිය සහයෝගීතාවයක් ප්‍රදර්ශනය කරයි. එහි පාලනය සහ කළමනාකරණය අවදානමට ලක්වූ ප්රජාවන්ගේ නියෝජනයෙන් සමන්විත වේ.

මධ්‍යස්ථ

ව්‍යාපෘති යෝජනාව ප්‍රතිපත්තියක් ලෙස NTT හි මූලික වටිනාකම් සමඟ සමපාත වන නමුත්, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ප්‍රදර්ශනය කරයි.

අඩු

ව්‍යාපෘති යෝජනාව තුළ ප්‍රජා සහභාගිත්වය හෝ අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශයන් පිළිබඳ කරුණු ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

මූල්‍ය අවදානම් ඇගයීම

බැංකු ගිණුම් කළමණාකරනය

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

 සියලුම බැංකු ගිණුම් ඵලදායී හා සුරක්ෂිත ලෙස කළමනාකරණය කිරීමට අපි බැඳී සිටිමු. එමගින් අරමුදල් ආරක්ෂා කිරීම, ගනුදෙනුවල නිරවද්‍යතාව තහවුරු කිරීම සහ ගිණුම් නිතිපතා සැසඳීම (Reconciliation) සහතික කෙරේ. අපගේ ප්‍රවේශය තුළ අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ බාහිර රෙගුලාසිවලට අනුකූල වීම, ගිණුම් මෙහෙයුම්වල විනිවිදභාවය සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බැංකු සේවාවන් කාර්යක්ෂමව භාවිත කිරීම අවධාරණය කෙරේ.

අවදානම අඩුයි

බැංකු ගිණුම් සුරක්ෂිතව කළමනාකරණය කරනු ලබන අතර, නිතිපතා ගිණුම් සැසඳීම් සහ අරමුදල් නිවැරදිව පාලනය කරනු ලැබේ. සියලුම ගනුදෙනු සම්පූර්ණයෙන් ලේඛනගත කර ඇති අතර, රෙගුලාසිවලට අනුකූලව ඒවා සමීපව නිරීක්ෂණය කෙරේ. අභ්‍යන්තර පාලන ක්‍රම සහ ක්‍රියාවලීන් ශක්තිමත් මට්ටමක පවතින බැවින්, සියලුම බැංකු ගිණුම් ඵලදායී හා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සහතික කෙරේ.

මධ්‍යස්ථ අවදානම

බැංකු ගිණුම් සාමාන්‍යයෙන් හොඳින් කළමනාකරණය කරනු ලැබේ; එහෙත් ගිණුම් සැසඳීමේදී හා පරීක්ෂා කිරීමේදී  ඉඳහිට ප්‍රමාදයන් හෝ පරස්පරතා ඇති පෙන්වයි. බොහෝ ගනුදෙනු නිවැරදි වුවද, පූර්ණ අනුකූලතාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා අභ්‍යන්තර පාලන ක්‍රම හෝ නිරීක්ෂණ කටයුතුවල තවදුරටත් දියුණුවක් ඇති කළ යුතුය.

අවදානම ඉහළයි

බැංකු ගිණුම් කළමනාකරණය විධිමත් නැත. එහි නිතර වැරදි සිදුවන අතර, ගිණුම් සැසඳීම් (Reconciliations) මගහැරීම හෝ ගිණුම් යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් දක්නට ලැබේ. ලේඛනගත කිරීමේ හෝ අනුකූලතාවයේ හිඩැස් පවතින අතර, අභ්‍යන්තර පාලන ක්‍රම දුර්වල වීම හෝ නොමැති වීම නිසා අකාර්යක්ෂමතාවන් හෝ ආරක්ෂක අවදානම් (Potential security risks) ඇති විය හැක.

ගෙවීම් කිරීම සහ වාර්තා තබා ගැනීම

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

සියලුම ගෙවීම් නිවැරදිව, නියමිත වේලාවට සහ සුරක්ෂිතව සැකසීමට අපි බැඳී සිටින අතර, සඳහා සම්පූර්ණ සහ විනිවිදභාවයෙන් යුත් ලේඛනගත කිරීම් සහය වේ. අපගේ ප්‍රවේශය තුළ මූල්‍ය ප්‍රතිපත්ති සහ රෙගුලාසිවලට අනුකූල වීම මෙන්ම සෑම ගෙවීම් ගනුදෙනුවක් සඳහාම පැහැදිලි වාර්තා පවත්වාගෙන යාම අවධාරණය කෙරේ. වැරදි, වංචා සහ පරස්පරතා වැළැක්වීමත්, ගෙවීම්වලට අදාළ සියලුම ලේඛන පහසුවෙන් ලබාගත හැකි සහ පූර්ණ ලෙස පිවිසිය හැකි ලෙස පවත්වාගෙන යාමත් අපගේ අරමුණයි.

අවදානම අඩුයි

ගෙවීම් කටයුතු කඩිනමින්, නිවැරදිව සහ සුරක්ෂිතව සිදු කරනු ලබන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම සවිස්තරාත්මක ලේඛන පවත්වා ගනු ලැබේ. සියලුම වාර්තා පැහැදිලිව පිවිසිය හැකි මට්ටමක පවතින අතර, සම්පූර්ණ ක්‍රියාවලියම අදාළ ප්‍රතිපත්ති සහ රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වේ. අභ්‍යන්තර පාලන ක්‍රම ශක්තිමත් බැවින් විනිවිදභාවය තහවුරු වන අතර, වැරදි හෝ වංචා සිදු වීමෙන් ආරක්ෂා වීම සහතික කෙරේ.

මධ්‍යස්ථ අවදානම

ගෙවීම් කටයුතු සාමාන්‍යයෙන් නිවැරදිව සහ නියමිත වේලාවට සිදු කරනු ලබයි. එහෙත් සුළු ප්‍රමාදයන් හෝ පරස්පරතා පැවතිය හැක. ලේඛනගත කිරීම් බොහෝ දුරට සම්පූර්ණ වුවද, ඉඳහිට යම් හිඩැස් හෝ නොගැලපීම් දක්නට ලැබිය හැක. අභ්‍යන්තර පාලන ක්‍රම පවතින නමුත්, ආරක්ෂාව සහ අනුකූලතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යම් දියුණුවක් අවශ්‍ය විය හැක.

අවදානම ඉහළයි

ගෙවීම් කටයුතු නිතර ප්‍රමාද වන අතර, ඒවායේ නිවැරදිභාවයක් හෝ නිසි ලේඛනගත කිරීමක් දක්නට නොලැබේ. වාර්තා පවත්වාගෙන යාමේදී සැලකිය යුතු මට්ටමක හිඩැස් පවතින අතර, ප්‍රතිපත්ති සහ රෙගුලාසිවලට අනුකූල වීම අස්ථාවර වේ. අභ්‍යන්තර පාලන ක්‍රම දුර්වල වීම හෝ නොමැති වීම හේතුවෙන් වැරදි, වංචා හෝ මූල්‍ය අවභාවිතයන් සිදු වීමේ ඉහළ අවදානමක් පවතී.

මූල්‍ය වාර්තාකරණය සහ අධීක්ෂනය

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

අපගේ මූල්‍ය වාර්තාකරණ සහ නිරීක්ෂණ ක්‍රියාවලීන්හිදී විනිවිදභාවය, ස්ථාවරත්වය සහ නිරවද්‍යතාවය සඳහා අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු. සංවිධානයේ සැබෑ මූල්‍ය තත්ත්වය පිළිබිඹු කරන පැහැදිලි, කාලෝචිත සහ විශ්වාසදායක මූල්‍ය තොරතුරු සැපයීම අපගේ අරමුණයි. නිතිපතා සිදුකරන නිරීක්ෂණ සහ ඇගයීම් හරහා, මූල්‍ය ක්‍රියාකාරිත්වය අපගේ උපායමාර්ගික අරමුණු සමඟ සමපාත වන බවත් සියලුම නියාමන අවශ්‍යතාවලට අනුකූල වන බවත් අපි සහතික කරමු. වගවීම සහ තීරණ ගැනීම ශක්තිමත් කිරීම සඳහා අපගේ වාර්තාකරණ පද්ධති අඛණ්ඩව වැඩිදියුණු කිරීමට අපි බැඳී සිටිමු.

අවදානම අඩුයි

මූල්‍ය වාර්තා සෑමවිටම නිවැරදි හා සවිස්තරාත්මක වන අතර නියමිත වේලාවට ඉදිරිපත් කරනු ලබයි. නිතිපතා සිදුකරන නිරීක්ෂණ මගින් එම කටයුතු උපායමාර්ගික ඉලක්ක සමඟ සමපාත වන බවත් නියාමන අවශ්‍යතාවලට පූර්ණ ලෙස අනුකූල වන බවත් සහතික කෙරේ. සංවිධානය විසින් තීරණ ගැනීම සහ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා මූල්‍ය දත්ත ඵලදායීව භාවිත කරනු ලබයි.

මධ්‍යස්ථ අවදානම

මුල්‍ය වාර්තා සාමාන්‍යයෙන් නිවැරදි සහ කාලෝචිත වන නමුත්, ඇතැම් සුළු නොගැලපීම් හෝ ප්‍රමාදයන් පැවතිය හැක. නිරීක්ෂණ කටයුතු වරින් වර සිදු කෙරුණද, ඒවා උපායමාර්ගික ඉලක්ක සමඟ පූර්ණ ලෙස සමපාත නොවේ. අනුකූලතාවය බොහෝ දුරට සපුරා ඇති නමුත්, ඇතැම් අංශ කෙරෙහි තවදුරටත් අවධානය යොමු කිරීම අවශ්‍ය විය හැක.

අවදානම ඉහළයි

වාර්තා බොහෝ විට වැරදි සහගතය, අසම්පූර්ණයි, හෝ යල් පැන ගොස් ඇත; එමෙන්ම ඒවා ඉදිරිපත් කිරීමේදී සැලකිය යුතු ප්‍රමාදයන් දක්නට ලැබේ. නිරීක්ෂණ කටයුතු අක්‍රමවත් හෝ ප්‍රමාණවත් නොවන අතර, රෙගුලාසිවලට අනුකූල වීමක් දක්නට නැත. තීරණ ගැනීම හෝ දියුණු වීම සඳහා මූල්‍ය දත්ත ඵලදායී ලෙස භාවිත නොකෙරේ.

ප්‍රසම්පාදනය

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

විනිවිදභාවය, සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව යන මූලධර්ම මත පදනම් වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට අපි බැඳී සිටිමු. වගවීම සහ අදාළ නීති රීති හා රෙගුලාසිවලට අනුකූල වීම තහවුරු කරන අතරම, මුදලට ලැබෙන උපරිම වටිනාකම (Value for money) සහතික කෙරෙන සදාචාරාත්මක පිළිවෙත් හරහා භාණ්ඩ හා සේවා ලබා ගැනීමට අපි කැපවී සිටිමු. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සැලසුම් කිරීමේ සිට ගිවිසුම් කළමනාකරණය දක්වා වූ සෑම අදියරකදීම තරගකාරී මිල ගණන් කැඳවීම (Competitive bidding), සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය සහ අඛණ්ඩ අවංකභාවය (Integrity) පවත්වා ගැනීමේ වැදගත්කම අපි අවධාරණය කරමු.

අවදානම අඩුයි

ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පූර්ණ විනිවිදභාවයකින් යුක්ත වන අතර, ඒවා තරගකාරී සහ සාධාරණ වේ. සියලුම තීරණ සඳහා පැහැදිලි ලේඛන පවතින අතර, එමගින් මුදලට ලැබෙන වටිනාකම සහ අදාළ රෙගුලාසිවලට අනුකූල වීම සහතික කෙරේ. ගිවිසුම් කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කරනු ලබන අතර, සඳහා නිතිපතා නිරීක්ෂණය සහ ශක්තිමත් වගවීමක් පවතී.

මධ්‍යස්ථ අවදානම

ප්‍රසම්පාදන කටයුතු සාමාන්‍යයෙන් විනිවිදභාවයකින් යුක්ත වන අතර සාධාරණ වේ; එහෙත් ලේඛනගත කිරීමේදී හෝ තරගකාරී මිල ගණන් කැඳවීමේදී යම් අතපසුවීම් නිරීක්ෂනය වේ. රෙගුලාසි බොහෝ දුරට පිළිපදිනු ලැබුවද, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇතැම් අංගයන්හි පූර්ණ පැහැදිලිභාවයක් හෝ කාර්යක්ෂමතාවයක් නොමැති විය හැක.

අවදානම ඉහළයි

ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ සාධාරණත්වය නොමැති අතර, ලේඛනගත කිරීම් හෝ තරගකාරී මිල ගණන් කැඳවීම්වල සැලකිය යුතු හිඩැස් පවතී. රෙගුලාසිවලට අනුකූල නොවීම දිගින් දිගටම පෙන්වන අතර, එමගින් අකාර්යක්ෂමතාවන් සහ ගිවිසුම් කළමනාකරණයේදී වගවීමක් නොමැති තත්ත්වයක් නිරීක්ෂණය වේ.

ආයතනික පාලනය සහ මෙහෙයුම් ව්‍යුහය

මඟපෙන්වීමේ ප්‍රතිපත්තිය

අප ආයතනය විනිවිදභාවය, වගවීම සහ සක්‍රීය තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන ශක්තිමත් පාලනයක් මෙන්ම පැහැදිලි මෙහෙයුම් ව්‍යුහයක් තහවුරු කිරීමට කැපවී සිටින්නෙමු. පැහැදිලි කාර්යභාරයන් සහ වගකීම් ස්ථාපිත කිරීම, සහයෝගීතාවය දිරිගැන්වීම සහ සංවිධානය එහි වටිනාකම් හා ආයතනික අරමුණු සමග අනුගත වන අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම අපගේ අරමුණයි. අන්තර්ග්‍රහණය සහිත නායකත්වය, සදාචාරාත්මක භාවිතයන් සහ ආයතනික ක්‍රියාවලීන්හි නිරන්තර တိုး දියුණුව සඳහා අපි මුල්තැන දෙන්නෙමු.

අවදානම අඩුයි

සංවිධානය සතුව මැනවින් අර්ථ දක්වන ලද පාලන ව්‍යුහයක් පවතින අතර, එහි කාර්යභාරයන් සහ වගකීම් පැහැදිලිව දක්වා ඇත. තීරණ ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුක්ත වන අතර, එය සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගන්නා මෙන්ම සංවිධානයේ මෙහෙවර සහ වටිනාකම් සමඟ සමපාත වන්නකි. ශක්තිමත් නායකත්වය මගින් වගවීම සහතික කරන අතර, වැඩිදියුණු කිරීම් සඳහා මෙහෙයුම් ක්‍රියාවලීන් නිතිපතා සමාලෝචනය කරනු ලැබේ.

මධ්‍යස්ථ අවදානම

පාලන ව්‍යුහය ක්‍රියාකාරී මට්ටමක පවතින අතර ඇතැම් කාර්යභාරයන් සහ වගකීම් අර්ථ දක්වා ඇත. එහෙත් ඉඳහිට යම් අපැහැදිලි තැන් (Ambiguity) පැවතිය හැක. තීරණ ගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් පැහැදිලි වුවද, ඇතැම් අංශවල වැඩි විනිවිදභාවය සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගැනීම තවදුරටත් තහවුරු කළ යුතුය. නායකත්වය ඵලදායී වන නමුත්, ඇතැම් මෙහෙයුම් ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම අවශ්‍ය විය හැක.

අවදානම ඉහළයි

පාලන ව්‍යුහය අපැහැදිලි වන අතර, නිසි ලෙස අර්ථ දක්වා නොමැත, කාර්යභාරයන් සහ වගකීම් බොහෝ විට අවිනිශ්චිතය. තීරණ ගැනීම අස්ථාවර හෝ අපැහැදිලි (Opaque) වන අතර, නායකත්වයේ වගවීම පූර්ණ ලෙස ඉටු නොවේ. මෙහෙයුම් ක්‍රියාවලීන් අකාර්යක්ෂම හෝ යල් පැන ගොස් ඇති බැවින්, ඒවායේ සැලකිය යුතු දියුණුවක් අවශ්‍ය වේ.

මෙම න්‍යාසය (අනුකෘතිය) භාවිතා කළ යුතු ආකාරය
  • මෙය ලකුණු ලබාදීමක් පමණක් නොවේ: මෙම අනුකෘතිය (Matrix) හුදෙක් ශ්‍රේණිගත කිරීමක් සඳහා පමණක් නොව, සංවිධාන පිළිබඳව පුළුල් (Holistic) අවබෝධයක් ලබා ගැනීම සඳහා සකස් කරන ලද්දකි.
  • සංවාද මත පදනම් වූවකි: මෙම ඇගයීමට අයදුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීම ඇතුළත් වන අතර, එහිදී ඔවුන්ගේ සන්දර්භය (Context), පවතින බාධක සහ අවස්ථාවන් පිළිබඳව පැහැදිලි කිරීමට ඔවුන්ට ඉඩකඩ ලබා දේ.
  • නම්‍යශීලී බර තැබීම: අංග සම්පූර්ණ ව්‍යාපෘති යෝජනාවලට හෝ දැඩි අනුකූලතාවන්ට වඩා, අවදානමට ලක්විය හැකි බව (Vulnerability), අරමුදල් ලබා ගැනීමේ හැකියාව සහ අපගේ වටිනාකම් සමඟ සමපාත වීම කෙරෙහි අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු
  • ධාරිතා වර්ධන දෘෂ්ටිකෝණය: (ආයතනයක පවතින) හිඩැස් හෝ අඩුපාඩු, එම ආයතන බැහැර කිරීමට හේතුවක් ලෙස නොව, ඔවුන් සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට NTT ආයතනයට ලැබෙන අවස්ථාවන් ලෙස සලකනු ලැබේ.

 

අවදානම් ඇගයීමේ මාර්ගෝපදේශය

 

  • 5 – පරිවර්තනීය: ප්‍රායෝගිකව අදාළ මූලධර්මය ඉතා හොඳින් ප්‍රදර්ශනය කරයි; ප්‍රජාවේ සැබෑ තත්ත්වයන් තුළ මුල් බැස ඇත; NTT ආයතනයේ සාරධර්ම (Ethos) සමඟ ඉතා ඉහළ ගැළපීමක් පවතී.
  • 3 – මධ්‍යස්ථ: යම් විභවයක් සහ සාක්ෂි කිහිපයක් පෙන්නුම් කරයි, නමුත් සහයෝගය ලබා දීමෙන් එය තවදුරටත් ශක්තිමත් කළ හැකිය.
  • 1 – අඩු: ගැළපීම පිළිබඳ ඇත්තේ සීමිත සාක්ෂි පමණි; ව්‍යාපෘති යෝජනාව බාහිර පාර්ශ්වයක් විසින් ප්‍රජා දායකත්වයකින් තොරව සකසා ඇත,  හෝ NTT හි ප්‍රවේශයෙන් බැහැර වූවක් බව පෙනේ.
මුළු අවදානම ගණනය කිරීම
  • බර තැබූ ලකුණු සංඛ්‍යාව = නිර්ණායක හයම සඳහා (ලකුණ × බර තැබීම).
  • ලබාගත හැකි උපරිම ලකුණු: 5
  • අවදානම ගණනය කිරීම සඳහා: උපරිම ලකුණු සංඛ්‍යාව 20න් ගුණ කරනු ලැබේ. එමගින් අවදානම් ලකුණු පරාසය (Risk score range) ලබා ගනී.
අවදානම් අර්ථ නිරෑපනය
  • 80–100: ඉතා අඩු අවදානමසහයෝගය/අරමුදල් ලබා දීම සඳහා ඉහළ නිර්දේශයක් සහිතයි.
  • 60–79: මධ්‍යස්ථ අවදානමධාරිතා වර්ධනය හෝ සාකච්ඡා මාර්ගයෙන් සහයෝගය ලබා දීම පිළිබඳ සලකා බලන්න.
  • 60 ට අඩු: ඉහළ අවදානම් මට්ටමමෙම අවස්ථාවේදී NTT හි සාරධර්ම (Ethos) සමඟ නොගැළපීමට ඉඩ ඇත.
ලකුණු ලබාදිමේ මාර්ගෝපදේශය (1-6)

අවදානම් ලකුණු කිරීම සඳහා 1-6 දක්වා පරාසයක් භාවිතා කරන බැවින්, එය සාපේක්ෂතාවය පිළිබිඹු වන පරිදි සකස් කර ඇත. එමගින් කුඩා හෝ අඩු සම්පත් සහිත සංවිධාන සඳහා සහයෝගය ලබා දීමට ඉඩ සැලසෙන අතරම, ශක්තිමත් කළ යුතු අංශ හඳුනා ගැනීමටද අවස්ථාව ලබා දෙයි.

  • 5-6 – ශක්තිමත් / අඩු අවදානම: ශක්තිමත්, විශ්වාසනීය භාවිතයන් ප්‍රදර්ශනය කරයි. පද්ධති ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, ඒවා විනිවිදභාවයෙන් යුක්ත මෙන්ම මැනවින් ලේඛනගත කර ඇත. මූල්‍ය හා මෙහෙයුම් කළමනාකරණය තුළ සංවිධානය වගවීම සහ වගකීම් සහගත බව මැනවින් පෙන්නුම් කරයි.
  • 3-4 – මධ්‍යස්ථ / පාලනය කළ හැකි අවදානම: පද්ධති පවතින නමුත් ඒවා ශක්තිමත් කළ යුතුව ඇත. යම් යම් අසමතුලිතතාවන් හෝ හිඩැස් පවතින නමුත් ඒවා ව්‍යුහාත්මක අසාර්ථකත්වයන් නොවේ. සහයෝගය, අධීක්ෂණය හෝ ධාරිතා වර්ධනය මගින් අවදානම් අවම කර ගත හැක.
  • 1-2 – දුර්වල / ඉහළඅවදානම: පද්ධති හෝ පාලන ක්‍රමවේදයන් පවතින බවට ඇත්තේ සීමිත සාක්ෂි පමණි. භාවිතයන් අසමතුලිතය, ලේඛනගත කර නොමැත හෝ අපැහැදිලිය. වගවීම තහවුරු කිරීමට සහ අවදානම අවම කිරීමට සැලකිය යුතු මැදිහත් වීමක් අවශ්‍ය වනු ඇත.
සම්පූර්ණ ලකුණු ගණනය කිරීම: මූල්‍ය අවදානම
  • ලබාගත හැකි උපරිම ලකුණු: 30.
  • අවදානම ගණනය කිරීම සඳහා: ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 30 න් බෙදා, පසුව එය 100 න් ගුණ කිරීම මගින් අවදානම් ලකුණු පරාසය (Risk score range) ලබා ගනු ලැබේ.
මුළු ලකුණු අර්ථ නිරූපණය
  • 80–100: සමස්ත අවදානම අඩු- අරමුදල් සැපයීමට යෝග්‍යවේ: Sශක්තිමත් පද්ධති සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රියාවලීන් පවතී. සංවිධානය විසින් වගවීම ප්‍රදර්ශනය කරයි. අවශ්‍ය වන්නේ සාමාන්‍ය අධීක්ෂණය පමණි.
  • 60–79: සමස්ත අවදානම මධ්‍යස්ථ මට්ටමක පවතී- ආරක්ෂණ පියවරයන්ට යටත්ව හා ධාරිතා වර්ධනය සැලසුමක් සහිතව අරමුදල් සැපයීමට නිර්දේශ කළ හැක: අවදානම් කළමනාකරණය කළ හැකි මට්ටමක පවතින අතර, විශේෂිත සහයෝගය, පුහුණු කිරීම් හෝ වඩාත් සමීප අධීක්ෂණය මගින් ඒවා අවම කළ හැක. වර්ධනය වීමේ හැකියාවක් සහිත සංවිධාන සඳහා මෙය වඩාත් උචිත වේ
  • Below 60:  සමස්ත අවදානම ඉහල මට්ටමක පවතීගමෙවර අරමුදල් සැපයීම සඳහා නිර්දේශ කළ නොහැක: මූල්‍ය කළමනාකරණය, පාලනය  හා  ක්‍රියාවලීන් තුළ බරපතල හිඩැස් පවතී. මූලික මට්ටමේ සිට සැලකිය යුතු සහයෝගයක් නොලැබෙන්නේ නම්, වගවීම සම්බන්ධ ගැටලු ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
ENGLISH
  • ENGLISH
  • TAMIL
  • SINHALA