ENGLISH
  • English
  • Tamil
  • Sinhala
Neelan Tiruchelvam Trust values page hero banner

අපගේ වටිනාකම්

යුක්තිය, සාධාරණත්වය සහ සහයෝගීතාවය පදනම් කරගත් මෙම මාර්ගෝපදේශක මූලධර්ම, අපගේ සබඳතා හැඩගස්වන අතරම; විවිධ සන්දර්භයන් යටතේ ප්‍රජාවන්, හවුල්කරුවන් සහ පාර්ශවකරුවන් සමඟ එක්ව සිදුකරන සියළුදෙනා අන්තර්ගත වූ සහ පරිවර්තනීය කාර්යයන් සඳහා වන අපගේ කැපවීම තවදුරටත් තහවුරු කරයි.

අපගේ වටිනාකම්

යුක්තිය, සාධාරණත්වය සහ සහයෝගීතාවය පදනම් කරගත් මෙම මාර්ගෝපදේශක මූලධර්ම, අපගේ සබඳතා හැඩගස්වන අතරම; විවිධ සන්දර්භයන් යටතේ ප්‍රජාවන්, හවුල්කරුවන් සහ පාර්ශවකරුවන් සමඟ එක්ව සිදුකරන සියළුදෙනා අන්තර්ගත වූ සහ පරිවර්තනීය කාර්යයන් සඳහා වන අපගේ කැපවීම තවදුරටත් තහවුරු කරයි.

Empathy in action, act with care

අභ්‍යන්තරව මෙන්ම අපගේ ප්‍රජාවන් සමඟ ද, සංවේදීව සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කිරීම

අපගේ හවුල්කරුවන්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය දෛනිකව මුහුණ දෙන අභියෝග පිළිබඳව අපි මැනවින් අවබෝධ කරගෙන සිටිමු. එමෙන්ම, ඔවුන්ගේ මානසික පීඩනය අවම කිරීමටත්; සහයෝගීතාවය, සහකම්පනය සහ විශ්වාසය මත පදනම් වූ, තිරස් සබඳතාවන් (Horizontal Relationships) ගොඩනැගීමටත් අපි ඉලක්ක කරමු.

Integrity, accountability, and democracy in action

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සුරැකීම; විශේෂයෙන්ම වගවීම, විනිවිදභාවය සහ අඛණ්ඩතාව යන වටිනාකම් අනුගමනය කිරීම.

විචිත්‍රවත් මෙන්ම විවිධත්වයෙන් යුත් සිවිල් සමාජයකින් සමන්විත, සහභාගිත්ව සහ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් අපි පෝෂණය කරන්නෙමු. එසේම, මූලික මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම සහ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම යන වටිනාකම් සුරැකීම සඳහා අපි කැපවී සිටිමු. අපගේ සංවිධානය මෙන්ම අපගේ හවුල්කරුවන් මෙම වටිනාකම්වලට අනුකූලව කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Justice and peace through non-violence

සත්‍යය, යුක්තිය, සාමය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිවර්තනයක් සඳහා අනුබල දීම.

සුවපත් කිරීම සහ සබඳතා යථා තත්ත්වයට පත් කිරීම මගින් ගැටලු නිරාකරණය කර ගැනීමටත්; අවබෝධය, විශ්වාසය සහ සහයෝගීතාවය වර්ධනය කරමින් අවිහිංසාවාදය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමටත් අපි කටයුතු කරන්නෙමු. අසාධාරණය සහ අසමානතාවය පවත්වාගෙන යන මර්දනකාරී පද්ධතීන් සහ භාවිතයන් ඉවත් කිරීමට අපි සක්‍රීයව දායක වන අතර, යුක්තිය පසිඳලීමේ පද්ධතීන් සහ ආයතන වඩාත් නීත්‍යානුකූල, සාධාරණ, වගවිය යුතු, විනිවිදභාවයෙන් යුත් සහ මානව හිමිකම්වලට ගරු කරන ආයතන බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය උත්සාහයන් අපි ප්‍රවර්ධනය කරන්නෙමු.

Equity over privilege, empowerment for all

සාධාරණත්වය තහවුරු කිරීම, වරප්‍රසාදයන්ට අභියෝග කිරීම සහ සැමදෙනාම බලගැන්වීම.

පවතින පද්ධතීන් සහ සංස්කෘතික භාවිතයන් තුළින් අසමානතාවයන් සහ බාධාවන් තවදුරටත් පවත්වාගෙන යන බව අප වටහා ගෙන ඇත්තෙමු. විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වයස, වර්ගය, ජාතිය, ආගම, සංස්කෘතිය හෝ ආබාධිතභාවය හේතුවෙන් ඓතිහාසිකව වෙනස්කම්වලට ලක් වූ සහ කොන් කරන ලද පුද්ගලයින්ට, ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට සහ අයිතිවාසිකම් භුක්ති විඳීමට අවශ්‍ය සම්පත් සහ අවස්ථාවන් ලබා ගැනීමට මෙමගින් බාධා එල්ල වේ. අරමුදල් සපයන ආයතනයක් ලෙස අප සතු බලය පිළිබඳව අප මෙහිදී අවබෝධ කරගෙන ඇත. අනුව, අප සතු වරප්‍රසාදයන් පිළිබඳව සවිඥානිකව විමසා බලන අතරම, අපගේ හවුල්කරුවන් සහ අප අතර බලය සහ සම්පත් වඩාත් සාධාරණ ලෙස බෙදා ගැනීමට ඉඩ සලසන ක්‍රියාමාර්ග ගැනීමට අපි උත්සාහ කරන්නෙමු. සැමදෙනාගේම අයිතිවාසිකම්, ගෞරවය සහ යහපැවැත්ම සුරකින ප්‍රතිපත්ති සහ ප්‍රවේශයන් අනුගමනය කරන අපි, සාම්ප්‍රදායිකව අයිතිවාසිකම් අහිමි වූ කණ්ඩායම් බලගැන්වීමටත්; පුද්ගලයන්, සංවිධාන සහ ප්‍රජාවන් සාධාරණ හා අන්තර්ගත වූ පිරිසක් බවට පත් කිරීමටත් කැපවී කටයුතු කරන්නෙමු.

Stronger together through partnerships

සන්ධානයන් ගොඩනැගීම සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම.

බලය සහ ශක්තිය ජනිත වන්නේ සන්ධාන සහ හවුල්කාරිත්වයන්හි සාමූහික ප්‍රයත්නයන්ගෙන් බව අපි පිළිගනිමු. එහිදී සෑම හවුල්කරුවෙකුම තමන්ටම ආවේණික වූ ශක්තීන් සහ විවිධ වූ ජීවන අත්දැකීම් සඳහා දායක කරයි. ශ්‍රී ලංකාව තුළ සන්ධාන ගොඩනැගීමේ කාර්යය තවමත් වර්ධනය වෙමින් පවතින බව හඳුනා ගන්නා අපි, හවුල්කරුවන්ගේ විවිධ දෘෂ්ටිකෝණයන් සහ ශක්තීන් ඇතුළත් වන ජාලයන් ප්‍රවර්ධනය කිරීමටත් ශක්තිමත් කිරීමටත් උත්සාහ කරන්නෙමු. වඩාත් ඵලදායී සහ අන්තර්ගත වූ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා, සියලුම කණ්ඩායම්වලටවිශේෂයෙන් ඓතිහාසිකව වෙනස්කම්වලට ලක් වූ සහ කොන් කරන ලද පිරිස්වලටමෙම සන්ධානයන් තුළ අර්ථවත් ලෙස දායක වීමට ඉඩප්‍රස්තාව සහතික කිරීම මෙයට ඇතුළත් වේ.

Diversity embraced, inclusion ensured

අන්තර්ගත කර ගැනීම ප්‍රවර්ධනය කිරීම සහ විවිධත්වය හා බහුත්වවාදය අගය කිරීම.

අපගේ සාමූහික ශක්තිය ගොඩනැගී ඇත්තේ අප අතර පවතින සමානකම් මෙන්ම වෙනස්කම් මත බව අපි හඳුනා ගනිමු. එබැවින්, විවිධත්වයේ පවතින පොහොසත්කම සහ අප සැම සතු පොදු මානුෂීයත්වය සැමරීම අපි අගය කරන අතරම එය ඉතා කැමැත්තෙන් වැළඳ ගනිමු.

Learning, sharing, and growing together

ඉගෙනීම සහ දැනුම බෙදාහදා ගැනීම අගය කිරීම.

අපගේ උපායමාර්ගික වැඩසටහන් ප්‍රවේශයන් යටතේ අපගේ කාර්ය මණ්ඩලය, අධ්‍යක්ෂ මණ්ඩලය සහ හවුල්කරුවන් සමඟ සිදුකරන දෛනික භාවිතයන් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී ඉගෙනීම, ක්‍රියාකාරීත්වය, අත්හදා බැලීම් සහ දැනුම බෙදාහදා ගැනීම අපි අගය කරන්නෙමු.

ENGLISH
  • ENGLISH
  • TAMIL
  • SINHALA