ENGLISH
  • English
  • Tamil
  • Sinhala
Neelan Tiruchelvam Trust who we are page hero banner

අරමුදල් සපයන්නකුගේ භූමිකාවෙන් ඔබ්බට

නීලන් තිරුචෙල්වම් භාරය (NTT) යනු සමාජ යුක්තිය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහාම කැප වූ ශ්‍රී ලංකාවේ දැනට පවතින එකම දේශීය වශයෙන් ක්‍රියාත්මකවන ප්‍රදාන ලබාදෙන ආයතනයයි. අර්බුදකාරී අවස්ථාවලදී ප්‍රජාවන් සමඟ එක්ව පෙනී සිටිමින්, බිම් මට්ටමේ සංවිධාන සඳහා ආයෝජනය කරමින් සහ කොන් කරන ලද හඬවල් යටපත් කරන අසාධාරණ පද්ධතීන්ට අභියෝග කරමින්, අපි හුදුප්‍රදානකරුවෙකු‘ (Grantmaker) යන සීමාවෙන් ඔබ්බට ගොස් කටයුතු කර ඇත්තෙමු. දේශීය නායකත්වය පෝෂණය කිරීමේ දැක්ම පෙරදැරිව, දිවයින පුරා සිවිල් අවකාශය ශක්තිමත් කරන සහ මිනිස් ජීවිත පරිවර්තනය කරන ප්‍රජා මූලික, කාන්තා නායකත්වයෙන් යුත් සහ තරුණ තරුණියන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපෘති සිය ගණනකට අපි අත්වැලක් වී සිටිමු.

වෙනත් පාර්ශවයන් මැලිවන අවස්ථාවලදී පවා අරමුදල් සැපයීමත්; මර්දනය, ගැටුම් සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමත් හරහා අපගේ ප්‍රවේශය විශ්වාසය, සහකම්පනය සහ අවදානම් භාරගැනීම මත මුල් බැස තිබේ. 2024 වසරේ DEVEX ආයතනය විසින්අවධානය යොමු කළ යුතු දේශීය සංවිධානයක්‘ (local organisation to watch) ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ අපි, බල කේන්ද්‍රයන් වෙනස් කිරීම (shifting power) වෙනුවෙන් තවදුරටත් කැපවී සිටිමු. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය හුදෙක් පවත්වාගෙන යාම පමණක් නොව, එය සාධාරණත්වය, ගෞරවය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සක්‍රීය බලවේගයක් ලෙස වර්ධනය වන බව සහතික කිරීමට අපි බැඳී සිටිමු.

“අරමුදල් සපයන්නකුගේ භූමිකාවෙන් ඔබ්බට”

දැක්ම

සාධාරණ, යුක්තිසහගත සහ සාමකාමී සමාජයක් ස්ථාපිත කිරීම සහ ආරක්ෂා කිරීම.

මෙහෙවර

සාමූහික වගකීම සහ සහයෝගීතාවය වර්ධනය කිරීම මගින් සමාජ යුක්තිය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා අපි කැපවී සිටිමු. දැනුම, සම්පත් සහ අවදානම් බෙදාහදා ගැනීම සඳහා සිවිල් සමාජය, විද්වත් ප්‍රජාව (Academia) සහ පරිත්‍යාගශීලී පරිසර පද්ධතිය (Philanthropic ecosystem) සමඟ පවතින උපායමාර්ගික හවුල්කාරිත්වයන් අපි උපයෝගී කරගන්නෙමු. ඒ ඔස්සේ යුක්තිය සහ ප්‍රගතිශීලී සමාජ පරිවර්තනයක් උදෙසා කරනු ලබන බලපෑම් සහගත මුලපිරීම් සඳහා අපි මූලිකත්වය ලබා දෙන්නෙමු.

ඉතිහාසය

ආචාර්ය නීලන් තිරුචෙල්වම් මහතා යුක්තිගරුක සහ සැමට සමාන අවස්ථා හිමිවන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ දූරදර්ශී නීතිඥයෙකු, ව්‍යවස්ථාදායකයෙකු සහ සාමසාධකයෙකු විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයෙකු වූ එතුමා, මානව හිමිකම්, සුළුතර ආරක්ෂණය සහ බහුත්වවාදය වෙනුවෙන් නොසැලී පෙනී සිටියේය. ව්‍යවස්ථාදායකයෙකු ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසන්ධානය ඇති කිරීම සඳහා කැපවූ එතුමා, සාමය සැමවිටම සියලු ප්‍රජාවන්ගේ ගෞරවය සහ සමානත්වය මත පදනම් විය යුතු බව දැඩිව විශ්වාස කළේය.

ආචාර්ය නීලන් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද වඩාත් ප්‍රබලතම ප්‍රකාශයක් වූයේ, ‘ජීවත්වීමේ පාරිශුද්ධත්වය‘ (Sanctity of life) යනු අනෙකුත් සියලුම අයිතිවාසිකම් සහ නිදහස අරුත්ගන්වන මූලිකම වටිනාකම බවයි. යුධ පිටියේදී හෝ වෙනත් ඕනෑම තැනකදී මරණය උත්කර්ෂයට නැංවීම ප්‍රතික්ෂේප කළ එතුමා, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ යුක්තියේ පදනම ලෙස ජීවිතයට ගරු කරන ලෙසත්, එය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. 1999 වසරේ හදිසි අවස්ථා විවාදයකදී කරන ලද මෙම ප්‍රකාශය, අදටත් ජාතියේ සදාචාරාත්මක මාලිමාවක් (Moral compass) ලෙස දෝංකාර දෙයි. සැබෑ ප්‍රගතිය යනු ජයග්‍රහණය හෝ බලය නොව, මානුෂීය ගෞරවය ආරක්ෂා කිරීමත්, භීතියෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත්වීමට සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය තහවුරු කිරීමත් බව එය අපට සිහිපත් කරයි.

සිත්තී සුභානියා තිරුචෙල්වම් මහත්මිය විශිෂ්ට ගණයේ නීතිඥවරියක මෙන්ම කීර්තිමත් සංස්ථාපිත නායිකාවක (Corporate leader) වූවාය. ඇය තම ස්වාමිපුරුෂයා වූ නීලන් මහතා සමඟ එක්ව සුප්‍රසිද්ධතිරුචෙල්වම් ඇසෝසියේට්ස්‘ (Tiruchelvam Associates) නීති ආයතනය ආරම්භ කළ අතර, එහි කළමනාකාර හවුල්කාරිනිය ලෙස කටයුතු කරමින් සංස්ථාපිත, කම්කරු, බදු සහ නියාමන නීතිය යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥතාවක් දැක්වූවාය. මීට අමතරව, ඇය ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (John Keells Holdings) සහ ගලාදාරි හෝටල් සමූහය (Galadari Hotels) ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස සේවය කළාය.

සිත්තී මහත්මියගේ ශ්‍රේෂ්ඨතම උරුමය රැඳී ඇත්තේ මානව හිමිකම් සහ බුද්ධිමය මැදිහත්වීම් (Intellectual engagement) වෙනුවෙන් ඇය තුළ වූ නොසැලෙන කැපවීම තුළයි. විවිධ පසුබිම්වල ක්‍රියාකාරීන්, විද්වතුන් සහ තරුණ නායකයින්ට එකිනෙකා හා සම්බන්ධ වීමටත්, අභිප්‍රේරණය ලැබීමටත් සහ මගපෙන්වීම (Mentorship) ලබා ගැනීමටත් ඇය දුර්ලභ අවකාශයක් නිර්මාණය කර දුන්නාය. නීලන් මහතාගේ අවාසනාවන්ත ඝාතනයෙන් වසරකට පසුව, එනම් 2000 වසරේදී, සාමය, මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔහුගේ උරුමය ඉදිරියට ගෙන යාම සඳහා ඇයනීලන් තිරුචෙල්වම් භාරය‘ (NTT) පිහිටුවූවාය. සාම්ප්‍රදායික පින්කම් හෝ පරිත්‍යාගශීලීත්වයට (Conventional philanthropy) වඩා එහා ගිය යමක් රටට අවශ්‍ය බව ඇය වටහා ගත්තාය. අනුව, ප්‍රජා යථාර්ථයන් තුළ මුල් බැසගත් සහජීවිතයේ පාරිශුද්ධත්වයයන වටිනාකම මගින් මෙහෙයවනු ලබන ස්වාධීන, දේශීය වශයෙන් ප්‍රධාන ලබාදෙන ආයතනයක අවශ්‍යතාවය ඇය හඳුනා ගත්තාය.

නීලන් තිරුචෙල්වම් භාරය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ භාර අඥාපනතේ (87 වන පරිච්ඡේදය) 114 වන වගන්තිය සහ 2001 ජනවාරි 11 දිනැති අංක 1155/19 දරන ගැසට් නිවේදනය යටතේ ලියාපදිංචි කරන ලද භාරයකි. මෙය 2000 මැයි 15 දින සහතික කරන ලද අංක 48 දරන භාර ඔප්පුව මගින් ස්ථාපිත කර ඇති අතර, 2000 ජූනි 14 දින ලියාපදිංචි අංක 46145 යටතේ ශ්‍රී ලංකා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත.
ENGLISH
  • ENGLISH
  • TAMIL
  • SINHALA