ශ්‍රී ලංකාව තුළ සමාජ සාධාරණත්වය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා අපි කැපවී සිටින්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීමටත්, සාධාරණ සහ සියල්ලන් ඇතුළත් කරගන්නා සමාජයක් ගොඩනැගීම සඳහා ප්‍රජාවන් සක්‍රීයව දායක කර ගැනීමටත් අපි කටයුතු කරන්නෙමු. තිරසාර සාමය, යුක්තිය සහ සියල්ලන් ඇතුළත් කරගන්නා සංවර්ධනය ළඟා කර ගත හැක්කේ ප්‍රජාවන් සවිබල ගැන්වීම, වගවීම තහවුරු කිරීම සහ විවිධ පාර්ශවකරුවන් එක්ව කටයුතු කිරීම තුළින් බව අපි තරයේ විශ්වාස කරමු.
ශ්‍රී ලංකාව තුළ සමාජ සාධාරණත්වය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා අපි කැපවී සිටින්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීමටත්, සාධාරණ සහ සියල්ලන් ඇතුළත් කරගන්නා සමාජයක් ගොඩනැගීම සඳහා ප්‍රජාවන් සක්‍රීයව දායක කර ගැනීමටත් අපි කටයුතු කරන්නෙමු. තිරසාර සාමය, යුක්තිය සහ සියල්ලන් ඇතුළත් කරගන්නා සංවර්ධනය ළඟා කර ගත හැක්කේ ප්‍රජාවන් සවිබල ගැන්වීම, වගවීම තහවුරු කිරීම සහ විවිධ පාර්ශවකරුවන් එක්ව කටයුතු කිරීම තුළින් බව අපි තරයේ විශ්වාස කරමු.
ප්‍රජා මූලික සංවිධාන සහ සිවිල් සමාජ සංවිධානවල ධාරිතාවය සහ බලපෑම ශක්තිමත් කිරීම සඳහා අපි උපායමාර්ගික ප්‍රදාන ලබා දෙන්නෙමු. අපගේ ප්‍රදාන ලබාදීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සමාජ සාධාරණත්වය, සාමය සහ සියල්ලන් ඇතුළත් කරගන්නා සංවර්ධනය ප්‍රවර්ධනය කරන වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කරයි. හවුල්කාර සංවිධානවලට වඩාත් ඵලදායී වැඩසටහන් සැලසුම් කිරීමටත්, ඔවුන්ගේ විසඳුම් පුළුල් කිරීමටත්, තම ප්‍රජාවන් තුළ තිරසාර වෙනසක් ඇති කිරීමටත් අවශ්‍ය තාක්ෂණික සහය, උපදේශකත්වය සහ මගපෙන්වීම ලබා දෙමින් සාමාන්‍ය ප්‍රදානකරුවෙකුට එහා ගිය කාර්යභාරයක් ඉටු කිරීමට අපි සෑම විටම උත්සාහ කරන්නෙමු.
යුක්තිය සහ අයිතිවාසිකම් පිළිබඳ සංවාද සඳහා දැනුවත්, සියල්ලන් ඇතුළත් කරගන්නා සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. මෙහි අරමුණ හුදෙක් අදහස් ජනනය කිරීම පමණක් නොව, ප්‍රජාවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර පවතින පරතරය අවම කරමින් මහජන සංවාදයන් හැඩගැස්වීමයි. සිවිල් සමාජයට ජාතික මට්ටමේ විවාදයන් සඳහා වඩාත් ඵලදායී ලෙස මැදිහත් වීමටත්, සාධාරණ සහ බහුත්වවාදී ශ්‍රී ලංකාවක් උදෙසා දායක වීමටත් උපකාරී වන විවේචනාත්මක චින්තනය සහ සාමූහික මැදිහත්වීම් NTT ආයතනය විසින් දිරිමත් කරනු ලබයි. අපි සංවාදය, විවිධත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම අගය කරන බැවින්, සිවිල් සමාජය සඳහා හිතකර වටපිටාවක් නිර්මාණය කිරීමේදී මෙය මූලික අංගයක් වේ.
සියලුම ජනයාට, විශේෂයෙන්ම කොන්කරන ලද ප්‍රජාවන්ට, ආර්ථික සම්පත්, අවස්ථා සහ රැකවරණය සඳහා සාධාරණ ප්‍රවේශයක් ඇති බව තහවුරු කරන වැඩකටයුතු සඳහා අපි සහය වන්නෙමු. ව්‍යුහාත්මක අසමානතාවයන්ට අභියෝග කිරීම, කාන්තා සහ LGBTQIA+ හඬවල් බලගැන්වීම සහ සියල්ලන් ඇතුළත් කරගන්නා ප්‍රතිපත්ති හා භාවිතයන්ට සහය වීම හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය (Gender Justice) ප්‍රවර්ධනය කරන මුලපිරීම් සඳහා අපි සහයෝගය ලබා දෙන්නෙමු. ප්‍රජා කේන්ද්‍රීය මැදිහත්වීම් දිරිමත් කිරීම මගින්, යුක්තිය ඉටුකර ගැනීමට සහ නීතිමය පිළියම් ලබා ගැනීමට ඇති අවකාශය ශක්තිමත් කිරීමටත්, එමගින් ප්‍රජාවන්ට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිතවලට බලපාන පද්ධතීන් හැඩගැස්වීමටත් අපි දායක වන්නෙමු.
සිවිල් මැදිහත්වීම්, අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වයන් සහ වගවීම ශක්තිමත් කරන වැඩසටහන් සඳහා අපි සහය වන්නෙමු. ප්‍රතිපත්ති හැඩගැස්වීමට සහ ආයතන වගකීම් සහගතව පවත්වා ගැනීමට ප්‍රජාවන් සවිබල ගන්වන මුලපිරීම් සඳහා අපගේ ප්‍රදාන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබා දෙන අතර, එමගින් පොදු පද්ධතීන් සියලුම ජනයාට සාධාරණ ලෙස සේවය කරන බව අපි සහතික කරන්නෙමු.
කොන්කරන ලද ප්‍රජාවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය දෙන, සියල්ලන් ඇතුළත් කරගන්නා සෞඛ්‍ය සහ රැකවරණ මුලපිරීම් ප්‍රවර්ධනය කරන වැඩකටයුතු සඳහා අපි සහය වන්නෙමු. මනෝ–සමාජයීය සහයෝගය ඇතුළුව සෞඛ්‍ය සේවාවන් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබාදෙන ව්‍යාපෘති, රැකවරණය සඳහා වූ ප්‍රජා කේන්ද්‍රීය ප්‍රවේශයන් සහ මානව ගෞරවය සහතික කෙරෙන ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපෘති සඳහා අපි සහයෝගය ලබා දෙන්නෙමු.
සමාජ සහයෝගීතාවය, සංවාදයන් සහ සියල්ලන් ඇතුළත් කරගන්නා දැනුම බෙදාහදා ගැනීම දිරිමත් කරන වැඩකටයුතු සඳහා අපි සහය වන්නෙමු. ප්‍රමුඛ පෙළේ මතවාදයන්ට (Dominant narratives) අභියෝග කරන ප්‍රජා මූලික ආඛ්‍යානයන් ගොඩනැගීමේ කලාව සහ පර්යේෂණ දිරිමත් කරන අපගේ ප්‍රදාන ලබාදීමේ ක්‍රියාවලිය හරහා, විවිධ කණ්ඩායම් නියෝජනය කරන දේශීය හඬවල් ඉහළ නැංවීමට අපි කටයුතු කරන්නෙමු.
මතුවෙමින් පවතින සමාජීය, දේශපාලනික සහ පාරිසරික අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා වූ ප්‍රතිචාරාත්මක සහ ඉදිරිගාමී මුලපිරීම් සඳහා අපි සහය වන්නෙමු. අපගේ ප්‍රදානයන් මගින් සහයෝගීතාවය, මහජන ව්‍යාපාර ගොඩනැගීම සහ ප්‍රජාවන් බලගන්වන සහයෝගීතා ජාලයන් දිරිමත් කරනු ලබන අතර, එමගින් සාමූහිකව ක්‍රියා කිරීමටත් වෙනසක් සඳහා නායකත්වය ලබා දීමටත් ඔවුන්ට අවකාශය සලසා දෙන්නෙමු.